විජිතගේ ලිපි ශීර්ෂ හොරට හදලා එජාප ප්‍රබලයෙක් ගහපු මාස්ටර් ප්ලෑනක් ලීක් වෙයි - අත්අඩංගුවට
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකය මඟින් විදේශ කටයුතු‚ විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්ගේ ලිපි ශීර්ෂ වංචනික අයුරින් භාවිත කරමින් විදේශ රැකියා ජාවාරම් සිදු කළ එජාප හිටපු මන්ත්‍රීවරයෙකු කොටු කර ගෙන ඇත.
ඒ අනුව එහිදී ඔහු සතුව තිබී ව්‍යාජ ලෙස සකස් කරන ලද විවිධ ලිපි ශීර්ෂ, විදේශ ගමන් බලපත්‍රවල ඡායා පිටපත් හා විදේශ රැකියා ඉල්ලුම්පත්‍ර රැසක් ද නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
අඳාළ සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පුද්ගලයින් 11 දෙනෙකුගෙන් කැනඩා රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කර ඇති බවත් ඔහු වංචා කළ මුදල ලක්ෂ 30කට අධික බවටත් හෙළි කර ගෙන ඇත.
මෙම විමර්ශන ක්‍රියාත්මක කෙරුණේ සැකකරු සිය ජාවාරම් වෙනුවෙන් අමාත්‍ය විජිත හේරත්ගේ ලිපි ශීර්ෂ භාවිත කරන බවට කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට ලද පැමිණිලි දෙකක් අනුවයි.
ඒ අනුව මෙම ජාවාරම මෙහෙයවූ සැකකරු ජනවාරි (26) වන දින අත්අඩංගුවට ගත් බව සඳහන්.
ඒ අඳාළ සැකකරු රාජගිරිය‚ ඔබේසේකරපුර ලැගුම්හලක සැඟවී සිට ජාවාරම මෙහෙයවමින් සිටියදීයි. එමෙන්ම සැකකරු මහනුවර, පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි අතර යටිනුවර ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රිවරයෙකු ද වන බව සඳහන්.
ඊට අමතරව මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක කාර්ය මණ්ඩලයේ ද සේවය කර ඇති සැකකරු එක්සත් ජාතික පක්ෂ ප්‍රබල ක්‍රියාකාරියෙකු වන බව ද සඳහන්.
මේ අතර අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (27) දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප නියම කළ ද, ඇප කොන්දේසි සපුරා ගැනීමට නොහැකිවීම නිසා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
අඳාළ සැකකරු වසර කිහිපයක් තිස්සේ ව්‍යාජ ලියකියවිලි සකස් කර මෙවැනි ජාවාරම් සිදු කර ඇති අයෙකු බවත් ඔහුට විරුද්ධව මහනුවර උසාවියේ නඩු කිහිපයක් ම පැවැති බවත් හෙළිව ඇත. එසේම සැකකරු සම්බන්ධයෙන් මධ්‍යම විශේෂ අපරාධ විමර්ශන අංශය යටතේ ඉදිරි විමර්ශන ක්‍රියාත්මක බව සඳහන්.