මොඩියුල හැදුවේ අපි නෙවේ ඒ වැරදිවලට අගමැති හෝ ආණ්ඩුව පලි නෑ - නිලධාරීන්ගේ ඔළුවටම අත හෝදපු මහින්ද
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ මොඩියුල සැකසීම අධ්‍යාපන අමාත්‍යවරයා හෝ රජය මඟින් සිදුකරන්නක් නොව, අදාළ විෂය ක්ෂේත්රයන්හි ප්‍රවීණයන් විසින් සිදුකරන්නක් බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.
ඒ අනුව රූපවාහිනී නාලිකාවක දේශපාලන සංවාද වැඩසටහනට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇති බව වාර්තා වේ.
එහිදී ඔහු අවධාරණය කළේ, එම මොඩියුලයන්හි අන්තර්ගතයේ නිවැරදිභාවය සහ ප්‍රමිතිය තහවුරු කිරීමේ සම්පූර්ණ වගකීම එම විෂය ප්‍රවීණයන් සතු වන බවයි.
එමෙන්ම වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ තාක්ෂණික මට්ටමින් සිදුකෙරෙන මෙම ක්‍රියාවලියේ අන්තර්ගතය සම්බන්ධයෙන් වගකීමක් අධ්‍යාපන අමාත්‍යවරියට, රජයේ අමාත්‍යවරුන්ට හෝ මන්ත්‍රීවරුන්ට භාරගත නොහැකි බවයි.
තවද ඔහු පෙන්වා දුන්නේ විෂය නිර්දේශ සහ ඉගැන්වීම් ක්‍රමවේද සැකසීම ශාස්ත්‍රීය කාර්යයක් බවත්, දේශපාලන අධිකාරියට එහි සෘජු මැදිහත්වීමක් සිදුකළ නොහැකි බවත් ය.
කෙසේ වුවත් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයට විරෝධය දක්වමින් එම සංවාදයට එක්ව සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා සඳහන් කළේ නියෝජ්‍ය අමාත්‍යවරයා මීට පෙර වෘත්තීය සමිති නායකයෙකු වශයෙන් කටයුතු කළ සමයේදී, විභාග ප්‍රශ්න පත්‍රයක අකුරක හෝ දෝෂයක් පවතින විටදී පවා එවකට සිටි රජයට සහ අදාළ අමාත්‍යවරුන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කළ බවයි.