හිටපු කථානායක අශෝක රන්වල මුහුණදුන් රිය අනතුර ගැන තවත් දර්ශන පෙළක්
හිටපු කථානායකවරයෙකු මෙන්ම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ගමන් ගත් ජීප් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ඊයේ (11) ප.ව. 7.45ට පමණ සපුගස්කන්ද දෙනිමල්ල ප්‍රදේශයේ රිය අනතුරක් සිදුව ඇති බව පොලිසිය තහවුරු කරයි.
අනතුරින් තුවාල ලබා මෝටර් රථයේ සිටි 25 හැවිරිදි කාන්තාව කිරිබත්ගොඩ රෝහලට, මාස 6ක් පමණ වයසැති ඇගේ දරුවා කොළඹ රිජවේ ආර්යා ළමා රෝහලට සහ 55 හැවිරිදි මිත්තනියකද තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ. එසේම අනතුරින් තුවාල ලබූ මන්ත්‍රී අශෝක රන්වල මහතාද කිරිබත්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබයි.
අනතුරට සම්බන්ධ ජීප් රථය, මෝටර් රථය මෙන්ම යතුරුපැදියක් ද සපුගස්කන්ද පොලිසිය භාරයට ගෙන ඇති අතර, විමර්ශන තවදුරටත් සිදුවේ. සමහර වාර්තාවලට අනුව, අනතුරේ වගකීම රියදුරුගේ බවට සැකයක් මතුව ඇති අතර, මන්ත්‍රීවරයා බීමත්වී සිටි බවට ද චෝදනාවක් එල්ල වී තිබේ.