සුළු මොහොතකට පෙර ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති රේණුක පෙරේරා අත්අඩංගුවට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය සඳහා නීතිවිරෝධී ලෙස මගී සේවා බලපත්ර 56ක් නිකුත් කිරීමේ සිද්ධියකට අදාළව, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති රේණුක පෙරේරා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිදුකරන ලද විමර්ශනයකට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් ඔහු ඉදිරි නීතිමය කටයුතු සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
