හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්නට ඇප
රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු නාවික හමුදාපති අද්මිරාල් (විශ්‍රාමික) නිශාන්ත උළුගේතැන්න මහතා ඇප මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කර ඇත.
ඒ අනුව අඳාළ නඩුව අද (14) දින පෙරවරුවේ කැඳවා තිබුණා.
එම අවස්ථාවේදී කරුණු සළකා බැලූ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී ඇත.
අලව්ව පොලීසියෙන් අත්අඩංගුවට ගෙන කුරුණෑගල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි අයෙක් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ චෝදනාවට හිටපු නාවික හමුදාපතිවරයා ඉකුත් ජූලි මස 28 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබුණා.
එසේම හිටපු නාවික හමුදාපතිවරයාට අමතරව හිටපු බුද්ධි ප්‍රධානී රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් මොහොට්ටි ඇතුළු තිදෙනෙක් ද ඉකුත් දා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළා.