මේ බලන්නකෝ - ගල්කිස්ස පොලිස් ප්‍රශ්ණේ පොලිස් කොස්තාපල්ට ස්ථාන මාරු

Report

ගල්කිස්ස අධිකරණ භූමියේදී නීතිඥවරයෙකු සමග ඇතිවූ සිද්ධියට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයා ගල්කිස්ස පොලිස් ස්ථානයේ සිට පිළියන්දල පොලිස් ස්ථානයට ස්ථාන මාරු කර ඇත.

වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා වාර්තා කරන ආකාරයට මෙම ස්ථාන මාරුව අද (14) දිනයේ සිට ක්‍රියාත්මක වේ.

ගල්කිස්ස ප්‍රශ්ණය උග්‍ර වෙයි පොලිස් පරීක්ෂකට වහාම ස්ථාන මාරුවක්

ගල්කිස්ස ප්‍රශ්ණය උග්‍ර වෙයි පොලිස් පරීක්ෂකට වහාම ස්ථාන මාරුවක්

ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ගල්කිස්ස අධිකරණ භූමියේදී නීතිඥවරයෙකුට පහරදුන් බවට චෝදනා එල්ලවී රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පොලිස් කොස්තාපල්වරයා ඊයේ (13) දිනයේ ඇප මත මුදා මුදා හැරීමට නියෝග කළේය.

ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේ දී පසුගිය සිකුරාදා නීතිඥවරයෙකු හා පොලිස් කොස්තාපල්වරයෙකු අතර ඇතිවු බහින් බස්වීමකදී පොලිස් කොස්තාපල්වරයා විසින් අදාල නීතිඥවරයාට පහරදීමක් සිදුකර ඇති බවට චෝදනා එල්ල විය.  

නීතිඥ ගුණරත්න වන්නිනායක අත්අඩංගුවට ගැනීමට පොලිසිය සූදානම්

නීතිඥ ගුණරත්න වන්නිනායක අත්අඩංගුවට ගැනීමට පොලිසිය සූදානම්