හිටපු ඇමති සනත්ගේ බිරිඳ ජාතික ලැයිස්තුවට? - ඉහළ නායකත්වයෙන් ආශිර්වාද.
හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ නීතිඥ චමරි පෙරේරා මහත්මිය ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක ලෙස පත්කිරීමට පක්ෂයේ ඉහළ අවධානයට ලක්ව තනි බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ ගේ ප්‍රධානත්වයෙන් යුත් තරුණ මන්ත්‍රී කණ්ඩායමක් දැනටමත් මේ සම්බන්ධයෙන් සාකච්ඡාව පවත්වා ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
එමෙන්ම එම යෝජනාව පක්ෂයේ මධ්‍යම කාරක සභාවට සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයට අද හෙටම ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වෙනවා.
මේ අතර ආරංචි මාර්ග පවසන පරිදි මෙම යෝජනාවට පක්ෂයේ ඉහළ නායකත්වයේද ආශිර්වාදය ලැබී ඇති බවත් සඳහන්.