හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනට එරෙහි නඩුවක් යළි කැඳවයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය හා විශේෂ ව්‍යාපෘති අමාත්‍ය වශයෙන් කටයුතු කළ එස්.එම්. චන්ද්‍රසේනට විරුද්ධව නඩුවක් එළඹෙන ජුනි 12 නැවත කැඳවිමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද (9) දින නියෝග කර ඇත.
මෙම නියෝගය සිද්ධියට අඳාළව කැඳවු අවස්ථාවේදි නියෝග කර ඇත.
එම අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළව මූලික විමර්ශන කටයුතු අවසන් බවයි.
2014 වර්ෂයේ දී අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන්ට සහනදායි මිලට ලබා දීමට රජයේ රු. මිලියන 25 ක වියදමින් ගෙන්වන ලද බීජ බඩ ඉරිඟු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන්ට බලපෑම් කරමින් 2015 ජනාධිපතිවරණයට වාසි ලබා ගැනීමේ අරමුණින් තම දේශපාලන හිතවතුන් මඟින් බෙදා දීමෙන් රජයට පාඩුවක් සිදු කිරීමේ චෝදනවා මත සැකකාර හිටපු ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය හා විශේෂ ව්‍යාපෘති අමාත්‍ය වශයෙන් කටයුතු කළ එස්.එම්. චන්ද්‍රසේන මහතා ඉකුත් ජුලි 4 වන දින අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබුණි.
ඒ අනුව මෙම නඩුව නැවත ජුනි 12 කැඳවීමට නියමිතව ඇත.