මේ ගංගා අවට ජනතාවට වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

Report

 කළු ගඟේ කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට ලැබී ඇති අධික වර්ෂාපතනය සහ කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් ඉදිරි පැය 48 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත.

ඒ අනුව බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල කුඩා ගඟ සහ මඟුර ගඟ පිටාර තැන්නට අයත් පහත්බිම් ප්‍රදේශවලට මෙම ගංවතුර තත්ත්වය බලපෑම් කළ හැකි බව වාර්තා වේ .

අද සවස ජනතාව ප්‍රවේශම් වෙන්න - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ජනතාවට ඉල්ලීමක්

අද සවස ජනතාව ප්‍රවේශම් වෙන්න - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ජනතාවට ඉල්ලීමක්

එමෙන්ම කුඩා ගඟ සහ මඟුර ගඟ ආශ්‍රිත පහත්බිම් හරහා වැටී ඇති අතුරු මාර්ග ජලයෙන් යටවීමේ අවදානමක් ද පවතින බව සදහන්ය.

මේ හේතුවෙන් එම ප්‍රදේශවල පදිංචි ජනතාව සහ එම මාර්ග භාවිත කරන රියදුරන් දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

ඒ වගේම අදාළ ආපදා කළමනාකරණ අංශ වෙතද අවශ්‍ය පියවර ගන්නා ලෙස දැනුම් දී තිබේ.

Flood Warning for Kuda Ganga SubBasin of Kalu River - NO 01 (2026 1780033696 by kanchana