ගුවන් තොටුපොළ රැසකට සයිබර් ප්‍රහාර ගුවන් ගමන් නවතී
By Ashfa
යුරෝපයේ ප්‍රධානපොළේ ගුවන් තොටුපොළ රැසක් සයිබර් ප්‍රහාරයක් නිසා දෛනික කටයුතුවලට බාධා පැමිණ ඇති බව වාර්තා වේ.
ඒ අනුව හීතෘ, බ්‍රසල්ස්, බර්ලින්, ඇතුළු ගුවන්තොටුපොළ රැසක් මේ වනවිට අඩාල වී ඇති බව වාර්තා වේ.

"මායි මල්ලියි ඇදේ නිදාගෙන හිටියේ අම්මා ඇවිත් හැන්දෙන් කිරි දුන්නා කිරි තිත්ත නිසා මම එපා කිව්වා" දරුවන් තිදෙනාට වස දුන් මව
මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී ඇත්තේ ගුවන් යානා වෙත මගීන් ඇතුළත් කර ගැනීමට අදාළ සේවා සපයන අන්තර්ජාල පද්ධතියක් ඉළක්ක කර ගනිමින් බව හදුනාගෙන ඇත.
මෙම හදිසි සයිබර් ප්‍රහාරය මත ගුවන් ගමන් ප්‍රමාදයන් හා අවලංගු වීම් ද සිදුවී තිබේ.
ගුවන් තොටුපල බලධාරීන් පවසන්නේ , කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා පියවර ගන්නා බවයි.