යුරෝපා සංගමය සෝමාලියාවට ආධාර ලබා දීම තාවකාලිකව නවතයි.

By Hashini Sep 19, 2023 05:16 AM GMT
Report

යුරෝපා සංගමය විසින් ලෝක ආහාර වැඩසටහන යටතේ සෝමාලියාවට ආධාර සැපයීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

පළාත් පාලන ආයතන හිමිකරුවන්, ආරක්ෂක අංශ සාමාජිකයින් දුප්පත් පුද්ගලයින් සඳහා ලැබිය යුතු ආධාර සොරකම් කිරීමට සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කරනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ ඒ හේතුවෙනි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ යුරෝපා සංගමය විසින් පසුගිය වසරේ ලෝක ආහාර වැඩසටහන යටතේ සෝමාලියාවට ඩොලර් මිලියන 7කට වඩා ආධාර ලබා දී ඇති බවයි.