ජනාධිපතිතුමනි, තේරෙන විදිහටම මම මේක කියන්නම්..මකබෑවිලා පලයන් - මන්ත්‍රීවරයෙක් කුණුහරුපෙන්ම ට්‍රම්ප්ට අමතපු හේතුව

Report

යුරෝපා පාර්ලිමේන්තුවේ දී ඩෙන්මාර්ක මන්ත්‍රීවරයෙකු වන ඇන්ඩර්ස් විස්ටිසන් තමාට කතාකිරීමට අවස්ථාව පැමිණි විට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත "f**k off" (මකබෑවිලා පලයන්) යනුවෙන් කියමින් දැඩි විරෝධයක් පළ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව විදෙස් පුවත්වල දැක්වෙන්නේ ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට ඇමරිකානු රජය දරන උත්සාහයට විරුද්ධව මන්ත්‍රීවරයා මෙසේ පවසා ඇති බවයි.

ඒ අනුව එහිදී ඔහු සඳහන් කර ඇත්තේ "ජනාධිපතිතුමනි, ඔබට වැටහෙන භාෂාවෙන් මම මේක කියන්නම්, f*** off," යනුවෙන්. එහිදී ඩෙන්මාර්කයේ අන්ත දක්ෂිණාංශික දේශපාලනඥයෙකු වන ඇන්ඩර්ස් විස්ටිසන් තවදුරටත් එහිදී සඳහන් කළේ ‘ග්‍රීන්ලන්තය විකුණන්නේ නෑ’ යනුවෙන්.

ඉකුත් වසරේදී ඔහු ලබා දුන් පණිවිඩයම යළි අවධාරණය කරමින්, ට්‍රම්ප් හට ඔහු මෙසේ පවසා ඇත.

උණුසුම් තත්ත්වයක් - මොඩියුල් කතා සහ අසභ්‍යකරණ කතාවලින් පාර්ලිමේන්තුවේ ලොක්කෝ රැසක් හදිසියෙම ඇවිලෙයි

උණුසුම් තත්ත්වයක් - මොඩියුල් කතා සහ අසභ්‍යකරණ කතාවලින් පාර්ලිමේන්තුවේ ලොක්කෝ රැසක් හදිසියෙම ඇවිලෙයි

ඒ අනුව ඊයේ(20) දිනයේදී ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් ට්‍රම්ප් දක්වන ආක්‍රමණශීලී ප්‍රතිපත්තියට යුරෝපා සංගමය දැක්විය යුතු ප්‍රතිචාරය පිළිබඳව පැවැති විවාදයකදී මන්ත්‍රීවරයා මෙසේ අදහස් දක්වා තිබෙනවා.

'Patriots for Europe' නමැති දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායමේ සාමාජිකයෙකු වන විස්ටිසන් මෙසේ අශිෂ්ට ආකාරයෙන් අදහස් දැක්වීම පිළිබඳව පාර්ලිමේන්තුවේ උප සභාපති නිකොලායි ස්ටෙෆනුටා සිය විරෝධය පළ ක‍ර ඇත.

එහෙත් විස්ටිසන් ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේ ට්‍රම්ප්ට වැටහෙන්නේ කෙලින් කතාකළොත් පමණක් බවයි. එමෙන්ම ඔහුට දිය හැකි එකම පිළිතුර යුරෝපා සංගමයෙන් ලැබෙන ශක්තිමත් ප්‍රතිචාරයක් පමණක් බවත් ඔහු කියා ඇත.

ශ්‍රී ලංකාවට IMF එකෙන් සුබ ආරංචියක්

ශ්‍රී ලංකාවට IMF එකෙන් සුබ ආරංචියක්

මින් පෙර 2025 ජනවාරි මාසයේදී ද ට්‍රම්ප් ග්‍රීන්ලන්තය ඇමරිකානු භූමියක් කර ගැනීම පිළිබඳව කතා කරන විට විස්ටිසන් මෙම භාෂාවෙන්ම ඔහුට ප්‍රතිචාර දක්වා ඇත. ඉකුත් සඳුදා දින ට්‍රම්ප් මාධ්‍යවේදීන්ට කියා තිබුණේ, ග්‍රීන්ලන්තය තමන්ට අනිවාර්යයෙන්ම අවශ්‍ය බවයි.

තවද ඔහු තම Truth Social ගිණුමේ AI (කෘතිම බුද්ධිය) මඟින් නිර්මාණය කරන ලද ඡායාරූපයක් ද පළ කර ඇත.

අඳාළ ඡායාරූපයේ දැක්වෙන්නේ ජනාධිපති ට්‍රම්ප්, උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සහ රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සමඟ එක්ව ග්‍රීන්ලන්තය ලෙස සලකුණු කළ භූමියක ඇමරිකානු ධජය ඔසවාගෙන සිටින ආකාරයයි.

අපි බඩී දැම්මත් බුඩී දැම්මත් අධ්‍යාපන ප්‍රතිසංස්කර ගේනවමයි.. නූගත් විපක්ෂේ ඉස්කෝලේ යවන්න වෙලා - වසන්ත

අපි බඩී දැම්මත් බුඩී දැම්මත් අධ්‍යාපන ප්‍රතිසංස්කර ගේනවමයි.. නූගත් විපක්ෂේ ඉස්කෝලේ යවන්න වෙලා - වසන්ත