උණුසුම් තත්ත්වයක් - මොඩියුල් කතා සහ අසභ්‍යකරණ කතාවලින් පාර්ලිමේන්තුවේ ලොක්කෝ රැසක් හදිසියෙම ඇවිලෙයි

Report

5 ශ්‍රේණිය ,6 ශ්‍රේණිය කතා, මොඩියුල් කතා සහ අසභ්‍යකරණ කතාවලින් අද (21)දින උදෑසන පාර්ලිමේන්තුවේ මැතිසබය තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිව තිබුණා.

පසුව ආණ්ඩු පක්ෂයේත් විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් එකිනෙකාට චෝදනා නැගීම හේතුවෙන් මෙම උණුසුම් තත්ත්වය විනාඩි කිහිපයක්ම පැවතුණ බව සඳහන්.

ඒ අනුව ජගත් වික්‍රමරත්න කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන 9.30ට පාර්ලිමේන්තුව රැස්වූ අතර වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කරන ප්‍රශ්නවලට ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් පිළිතුරු ලබාදීමත් සමඟ මෙම උණුසුම්කාරී තත්ත්වය ඇතිව තිබුණා.

එහිදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරංග රත්නායක අස්වැසුම ප්‍රතිලාභ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යතුමාගෙන් ප්‍රශ්නයක් විමසා සිටි අතර මේ සඳහා පිළිතුරු ලබා දුන්නේ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතායි.

අපි බඩී දැම්මත් බුඩී දැම්මත් අධ්‍යාපන ප්‍රතිසංස්කර ගේනවමයි.. නූගත් විපක්ෂේ ඉස්කෝලේ යවන්න වෙලා - වසන්ත

අපි බඩී දැම්මත් බුඩී දැම්මත් අධ්‍යාපන ප්‍රතිසංස්කර ගේනවමයි.. නූගත් විපක්ෂේ ඉස්කෝලේ යවන්න වෙලා - වසන්ත

එමෙන්ම සුරංග රත්නායක මන්ත්‍රීවරයා අඳාළ අතුරු ප්‍රශ්න දෙකත් විමසීමෙන් පසුව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල යම් කරුණු පැහැදිලි කිරීමක් විමසා ඇත.

එයට කථානායකවරයා ඉඩ ලබා නොදුන් අතර කථානායකවරයා කියා සිටියේ අතුරු ප්‍රශ්න දෙකක් ඇසූ හේතුවෙන් තවත් ප්‍රශ්නයකට ඉඩ ලබාදිය නොහැකි බවටයි.

එහෙත් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුව අතුරු ප්‍රශ්නවලින් පැන නගින කාරණයකට යම් කිසි කරුණු පැහැදිලි කර ගැනීමක් මන්ත්‍රීවරයෙකුට කළ හැකි බව සඳහන් කරමින් විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම රිති ප්‍රශ්න මතු කරමින් කථානායකවරයාගෙන් අවස්ථාව ඉල්ලා සිට ඇත.

එමෙන්ම විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, සුජීව සේනසිංහ, මුජිබර් රහුමාන්, චමින්ද විජේසිරි ඇතුළු විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක්ම නැගී සිටිමින් මේ සම්බන්ධයෙන් විමසීම් සිදු කිරීම හේතුවෙන් සභාවේ දැඩි ඝෝෂාකාරී තත්ත්වයක් ඇති විය.

එහිදී නැගී සිටි සභානායක බිමල් රත්නායක අමාත්‍යවරයා සඳහන් කළේ එවැනි කරුණු පැහැදිලි කිරීමක් සිදුකළ හැක්කේ මුල් කාරණය සමඟ මතුවන කාරණයක් සම්බන්ධයෙන් තිබෙන කරුණක් පිළිබඳව පමණක් බවයි.

දිට්වා ගැන සොයන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පත්කරන්නයි විපක්ෂයෙන් යෝජනාවක්

දිට්වා ගැන සොයන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පත්කරන්නයි විපක්ෂයෙන් යෝජනාවක්

එසේ නොමැතිව හිතූ හිතූ ආකාරයට ප්‍රශ්න මතු කිරීමට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල සඳහන් නොවන බවත් මේ කාරණය නොදන්නා විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් 5 ශ්‍රේණියේ රචනා පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත් 5 ශ්‍රේණියේ රචනා ගැන අදහසක් නොමැතිව ඔවුන් 6 ශ්‍රේණියේ මොඩියුල් ගැන කතා කිරීමටද ක්‍රියා කිරීම කණගාටුවට කරුණක් බවත් බිමල් රත්නායක අමාත්‍යවරයා පවසා ඇත.

එහිදී බිමල් රත්නායක අමාත්‍යවරයාට විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් පිළිතුරු ලබා දීමට යාම හේතුවෙන් යළිත් මැතිසබය තුළ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිව තිබුණා.

මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ 5 ශ්‍රේණියේ රචනා ගැන කතා කරන ආණ්ඩුව 6 ශ්‍රේණිය අසභ්‍යකරණයට ලක් කළ බවත් ඊට මේ ආණ්ඩුව වගකිය යුතු බවත්ය.

ශ්‍රී ලංකාවට IMF එකෙන් සුබ ආරංචියක්

ශ්‍රී ලංකාවට IMF එකෙන් සුබ ආරංචියක්