නිදහස් දිනය සමරන්න වතුකරයත් සුදානම්
නිදහස් දිනය සැමරීමට වතුකරයේ ජනතාව අද (03) මහත් උනන්දුවෙන් සජීවීභාවයෙන් කටයුතු කරන අයුරු දැකගත හැකි විය.
ජාතික කොඩි විශාල වශයෙන් උඩරට වතුකරයේ නගර සහ උප නගරවල වෙළෙඳසැල් තුළ අලෙවි කර ඇති අතර මාර්ග දෙපස සහ ජනතාව ඒවා මිලදී ගැනීමට පෙළඹී සිටින ආකාරය දැකගත හැකි වේ.
තලවකැලේ – නුවරඑළිය මාර්ගයේ තලවකැලේ නගරය ආසන්නයේ ඉහළ කොත්මලේ ජලාශයට මායිම්ව, තරුණ පිරිසක් ජාතික කොඩි මාර්ගය අසල තබා අළෙවි කරන අයුරු ද වාර්තා වී ඇත.
එහිදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රධාන නිදහස් දින සැමරුම් උත්සවය හෙට (04) පෙරවරු 8.45 සිට නුවරඑළිය මධ්‍යම වෙළෙඳපොළ ඉදිරිපිට පැවැත්වීමට සියලු සූදානම් යොදා තිබෙන බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරී තෙන්නකෝන් පැවැසීය. මෙම උත්සවය නුවරඑළිය දිස්ත්‍රික් දේශපාලන අධිකාරියේ ප්‍රධානත්වයෙන්, ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්, ගාම්භීර හා අතිචාම් අන්දමින් පැවැත්වීමට සූදානම් වන බව වාර්තා වේ.