EPF ගන්න අයට මෙන්න සුභ ආරංචියක්

Sri Lanka employee provident fund
By Zara Mar 05, 2025 04:24 PM GMT
Zara

Zara

Report

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සේවක අර්ථ සාධක අරමුදලෙන් ප්‍රතිලාභ ලබා ගැනීමේදී දැනට පනවා ඇති කොන්දේසි ලිහිල් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව පවසනවා.

ඒ තුළින් වැඩි පිරිසකට ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව ලැබෙන බවයි ඔහු සඳහන් කළේ.

අයවැය තෙවන වර කියවීමේ කාරක සභා අවස්ථා විවාදයට ඊයේ (04) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සැවසුවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ සේවක අර්ථ සාධක අරමුදලින් 30%ක ප්‍රතිලාභ ලබා ගැනීමේදී ඇතැම් අවස්ථාවල කූට ලේඛන ඉදිරිපත් කිරීමට ඇතැමුන් පෙළඹි සිටින බවයි.

වැඩි දුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා,

"කම්කරු අමාත්‍යංශය යටතේ ආයතන හයක් පවතිනවා. ඉන් ප්‍රමුඛ ආයතනයක් තමා කම්කරු දෙපාර්තමේන්තුව මෙවර අය වැයෙන් කම්කරු දෙපාර්තමේන්තුවට පෙරට වඩා රුපියල් මිලියන 598ක් වෙන්කර තිබෙනවා."

"ඊට අමතරව කම්කරු නීති සහ  කම්කරු සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 128ක් තවත් මිලියන 163 ක් කම්කරුවන්ගේ සුරක්ෂාව, සෞඛ්‍ය සහ සුඛ සාධනය වෙනුවෙන් වෙන්කර තිබෙනවා. එපමණක් නොවේ, සේවක අර්ථ සාධක අරමුදල වෙනුවෙන් රුපියල් මිලියන 1,640 ක් මෙන්ම මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවට මිලියන 622ක් වශයෙන් මෙවර අයවැයෙන් වෙන්කර තිබෙනවා."

"මෙතෙක් අක්‍රිය වෙලා තිබුණු පඩි පාලක සභා 44 අපි යලි සක්‍රීය කර අදාළ පත්කිරීම සිදුකර තිබෙනවා. වසර ගණනාවක් කැඳවා නොතිබුණු කම්කරු උපදේශක සභාවත් අයි කැඳවලා ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කළා." යැයි පැවසුවා.

ඒ 9 මාර්ගයේ හමුවූ දේ...අපරාධයක් කරන්න සඟවා තිබ්බ ද ? සැකයක්

ඒ 9 මාර්ගයේ හමුවූ දේ...අපරාධයක් කරන්න සඟවා තිබ්බ ද ? සැකයක්

දෙවියන් පෙන්වා සුද්දේ දැම්ම කපුවා සහ මාමා හිරේ

දෙවියන් පෙන්වා සුද්දේ දැම්ම කපුවා සහ මාමා හිරේ

ReeCha