ඒ 9 මාර්ගයේ හමුවූ දේ...අපරාධයක් කරන්න සඟවා තිබ්බ ද ? සැකයක්
By Gagana News
මහනුවර, යාපනය ඒ නවය මාර්ගයේ සිට කිලෝමීටර් භාගයක් පමණ දුරින් නාලන්ද ප්‍රදේශයේදී හමුවන ජල අමුණක් ආසන්නයේදී අත් බෝම්බයක් සොයාගෙන තිබෙනවා.
ඒ, ලද බුද්ධි තොරතුරකට අනුව සිදු කළ සෝදිසි මෙහෙයුමකදීයි.
මේ වන විට එම ස්ථානයට නාඋල පොලිසියේ ආරක්ෂාව යොදා ඇති බවයි එම පොලීසිය පැවසුවේ.
ජලය කාන්දු නොවන ලෙස පොලිතින්වල අසුරා මෙම අත්බෝම්බය සඟවා ඇති අතර කිසියම් අපරාධයක් සිදුකිරීම සඳහා මෙය සඟවා තැබුවේද යන්න සම්බන්ධයෙන් නාඋල පොලිසිය පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් නාඋල පොලිසිය කියා සිටියේ අදාළ බෝම්බය අධිකරණ නියෝග යටතේ විශේෂ කාර්ය බලකා නිලධාරින් මගින් නිරික්‍ෂණය කිරිමට නියමිත බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් නාඋල පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.