EPF ' B ' කාඩ්පත වෙනස් වෙයි. - මෙන්න ලැබෙන්න යන අලුත්ම එක.

Report

සේවක අර්ථසාධක අරමුදලේ ‘බී’ කාඩ්පත වෙනුවට ‘ඊ’ කාඩ්පතක් ලබාදීම සඳහා ලියාපදිංචි කිරීම් කඩිනමින් ආරම්භ කරන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ප්‍රකාශ කළා.

ඒ, අනුව ‘E’ කාඩ්පත ලියාපදිංචිය සහ ඒවා ලබාදීමට මතුවී ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට කම්කරු කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් අද (10) පැවැත්වීමට නියමිත බව ද ඔහු සඳහන් කළා.

එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ, ‘E’ කාඩ්පත් නිකුත් කිරීම සඳහා අවශ්‍ය කළමනාකාරවරුන්, සංවර්ධන නිලධාරීන් ඇතුළු සේවකයන්ගේ අඩුවක් පවතින බවත් මේ සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ නොමැති වීමේ ගැටලුවක් මතුවී ඇති බවත්ය.

අද සහ හෙට විදුලි කප්පාදුවක්. - කරන්ට් කැපෙන වේලාවන් සහ ප්‍රදේශ මෙන්න.

අද සහ හෙට විදුලි කප්පාදුවක්. - කරන්ට් කැපෙන වේලාවන් සහ ප්‍රදේශ මෙන්න.

මේ අතර පෞද්ගලික සේවකයන් සඳහා ඇති පඩි පාලක සභා 44 ම අක්‍රීයව ඇති බවත් ඒවා නැවත වහාම ක්‍රියාත්මක කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් තීරණය කීරීමේ බලය හිමි පඩි පාලක සභා මගින් දත්ත ලබාගැනීමට ජංගම සේවාවන් ආරම්භ කරන බවත්, ආයතනවලට බාධා නොවන අයුරින් එම දත්ත ලබාගැනීම සඳහා නිලධාරීන් කණ්ඩායම් සියලු පෞද්ගලික ආයතනවලට යොමු කරන බවත් එහිදී ඔහු කියා සිටියා.

එක්වරම ඩොලරයට සහ රුපියලට සිදු වූ දේ. - ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ සටහනට මෙන්න.

එක්වරම ඩොලරයට සහ රුපියලට සිදු වූ දේ. - ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ සටහනට මෙන්න.


You may like this video