දෛනික වැටුප වැඩිකරනවා - අමාත්‍ය සමන්ත විද්‍යාරත්න

Report

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසන්නේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප සඳහා රජය පොරොන්දු වූ රුපියල් 1,700 ලබා දීමට රජය කැප වෙන බවයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මූලිකත්වයෙන් කඳුකර මලයගම් ප්‍රජාවගේ නිවාසලාභීත්ව හිමිකම් පත් ලබා දීමේ වැඩසටහන අද (12) බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගනයේදී පැවැති අතර ඒ සඳහා එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

පාසලක වෙඩි තැබීමක් 8ක් මරුට 12ක් රෝහලේ

පාසලක වෙඩි තැබීමක් 8ක් මරුට 12ක් රෝහලේ

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා,

'"ලයිමේ සිටින්නේද මනුෂ්‍යයෝය. ඒ නිසා අපි කියනවා ඉඩමක් දෙනවා විතරක් නෙමෙයි වතු කම්කරුවන්ට අපි පොරොන්දු වෙච්ච ආකාරයට දෛනික වැටුප රුපියල් 1,700 දක්වා කොහොම හරි අරගෙන එනවා කියන පොරොන්දුව මම ඔබ තමුන්නාන්සේලාට දෙනවා. ඔබට මේ හැදෙන නිවස වර්ග අඩි 550කින් යුක්ත අංග සම්පූර්ණ නිවසක්."ලෙසයි.

ලංකාවට විරුද්ධව ඉන්දියාවෙ විරෝධතාවක්

ලංකාවට විරුද්ධව ඉන්දියාවෙ විරෝධතාවක්