ශ්‍රී ලංකාවට තවත් තරගාවලි පරාජයක් - එංගලන්තය එක්දින තරගාවලිය ජයගනී [HILIGHT VIDEO]

Report

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තෙවැනි සහ අවසන් එක්දින තරගයෙන් එංගලන්තය ලකුණු 223ක දැවැන්ත ජයක් වාර්තා කරමින් තරගාවලිය 2-1ක් ලෙස ජයගෙන තිබේ. තරගය ලන්ඩනයේ කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 355ක් රැස් කළේය. එහිදී ටොම් බැන්ටන් පන්දු 105කින් ලකුණු 126ක් රැස් කරමින් සිය පළමු එක්දින ශතකය වාර්තා කළ අතර, හැරී බෘක් ලකුණු 77ක් සහ ජෝර්ඩන් කොක්ස් ලකුණු 76ක් ලබා ගත්හ.

ලකුණු 356ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 29.1කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 132ක් පමණි. ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තය ලකුණු 223ක ජයක් හිමිකර ගත්තේය.

එංගලන්ත පන්දු යැවීමේදී ලියම් ඩෝසන් කඩුලු 3ක් දවාගත් අතර, අවසන් කඩුල්ල ලෙස එෂාන් මාලිංග ලකුණු 14කට දැවී ගියේ විල් ජැක්ස්ගේ පන්දුවකට ජෝ රූට් ලබාගත් උඩපන්දුවක් හමුවේය.

මෙම ජයත් සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 2-1ක් ලෙස එංගලන්තය ජයගත් අතර, තෙවැනි තරගයේ වීරයා ලෙස ටොම් බැන්ටන් තේරී පත්විය.

තරගයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න.



''ඕවල් පිටියේ තීරණාත්මක සටනේ කාසියේ වාසිය එංගලන්තයට'' - ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් ආරම්භයේදීම ප්‍රබල පීඩනයක්

''ඕවල් පිටියේ තීරණාත්මක සටනේ කාසියේ වාසිය එංගලන්තයට'' - ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් ආරම්භයේදීම ප්‍රබල පීඩනයක්

එංගලන්ත සංචාරයේ පළමු එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිලට අයි.සී.සී.යෙන් දඩ

එංගලන්ත සංචාරයේ පළමු එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිලට අයි.සී.සී.යෙන් දඩ