ප්‍රතිලාභ පහලට ගිය සේවක අර්ථ සාධක අරමුදල
සේවක අර්ථසාධක අරමුදල විසින් සිය සාමාජිකයන්ට සහ ඔවුන්ගේ නෛතික උරුමක්කරුවන්ට ගෙවූ සමස්ත ප්‍රතිලාභ ප්‍රමාණය පසුගිය වසරේදී රුපියල් බිලියන 188.1 දක්වා අඩු වී තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවට අනුව එය සටහන් වන්නේ 12.9%ක අඩුවීමක් ලෙසය.
2023 වසරේදී මෙම අරමුදල විසින් සිය සාමාජිකයන්ට සහ ඔවුන්ගේ නෛතික උරුමක්කරුවන්ට ගෙවා ඇති සමස්ත ප්‍රතිලාභ ප්‍රමාණය රුපියල් බිලියන 215.9ක් බවට වාර්තා වේ.
නමුත් පසුගිය වසරේදී අරමුදල සඳහා මුළුදායක මුදල් ලැබීම් රුපියල් බිලියන 234.4 දක්වා 11.3%කින් ඉහළ ගොස් තිබෙනවා.