වෙනත් අපේක්ෂකයන්ට ඡන්දය දෙන ලෙසට කිසිදු ඉල්ලීමක් අප කර නෑ...පොදුජන පෙරමුණෙන් දැනුම්දීමක්..

Sri Lanka Podujana Peramuna Sagara Kariyawasam Sinhala news
By Hashini May 04, 2025 09:06 AM GMT
Hashini

Hashini

Report

ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් පසුව එක්ව කටයුතු කිරීම සඳහා කිසිදු ස්වාධීන කණ්ඩායමක් සමග හෝ කිසිදු පක්ෂයක් සමග සාකච්ඡා කර නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ප්‍රධාන පුවත්පතකට පවසා තිබෙනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගර කාරියවසම් මහතා,

පසුගිය කාලයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්වූ සමහර පුද්ගලයින් ඉදිරි පළාත් පාලන මැතිවරණයට ස්වාධීනව සහ වෙනත් පක්ෂවලින් තරග කරනවා. නාමල් රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කළ බවත් ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව කටයුතු කිරීමට නාමල් රාජපක්ෂ මහතා සමග එකඟතාවයකට පැමිණි බවත් එම අපේක්‍ෂකයන් ඡන්ද දායකයන්ට ප්‍රකාශ කරන බව අපට දැනගන්නට ලැබී තිබෙනවා. එබඳු සාකච්ඡා හෝ එකඟතාවයක් හෝ ඇතිකර ගෙන නොමැති බව මේ වෙලාවේ ප්‍රකාශ කරනවා. වෙනත් අපේක්ෂකයන්ට ඡන්දය දෙන ලෙසට කිසිදු ඉල්ලීමක් අප කර නෑ.” 

ReeCha