සුරතල් දියණිය තනිකර දමා ජීවිතෙන් සමුගත් යුවළ ගැන සංවේදි සිදුවීම..
මැලේසියාවේ ක්වාලාලම්පූර් හිදී සිදුවූ රිය අනතුරකින් ශ්‍රී ලාංකික යුවළක් මියගිය ඛේදනීය පුවතක් අපට වාර්තා වනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මැලේසියාවේ ක්වාලාලම්පූර් හි පිහිටි සිය නිවස ආසන්නයේදී ඔවුන් පැදවූ මෝටර් රථයේ වෙනත් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මෘදුකාංග ඉංජිනේරුවරු ලෙස මැලේසියාවේ රැකියාවේ නිරත වූ යුවළක් බවයි වාර්තා වී තිබෙන්නේ.