ඇල්ල ඔඩිසි දුම්රිය තවත්ව දින දෙකක් ධාවනය‌ට එක්වෙයි..

Report

ඉහළම සංචාරක ආකර්ෂණයක් සහිත දුම්රිය ගමනාන්තයක් වන කොළඹ සහ බදුල්ල අතර නගරාන්තර අධි සුඛෝපභෝගි දුම්රියක් වන ඇල්ල ඔඩිසි දුම්රිය එලබෙන සතියේ සිට බ්‍රහස්පතින්දා සහ සිකුරාධා දිනකම ධාවනය‌ට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ් සංචාරක මගී ජනතාවගේ ඉල්ලීම මතයි.

ඒ අනුව ලබන 8 වැනිදා සිට දැනට ධාවනය වන දුම්රියට අමතරව සෑම බ්‍රහස්පතින්දා දිනකම කොළඹ සිට බදුල්ල දක්වාත්, සෑම සිකුරාදා දිනකම බදුල්ල සිට කොළඹ දක්වාත් දුම්රිය ගමන්වාරයක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙරට වැඩිම සංචාරක ආකර්ෂණයක් සහිත දුම්රිය ගමනාන්තයක් වන මෙම දුම්රිය සෑම සෙනසුරාදාවකම ධාවනයට එක්වුණේ පසුගිය මාසයේ දීයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now