ප්‍රසිද්ධ හෝටලයක විදුලි සෝපානයක් කඩාවැටෙයි..තරුණයෙක් ජීවිතක්ෂයට

Accident Death Latest Headlines Sinhala news Breaking News
By Kaushi Jun 15, 2025 08:02 AM GMT
Kaushi

Kaushi

Report

මොරටුව පොලිසියෙන් මොරටුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක විදුලි සෝපානය කඩාවැටී19 හැව්රිදි තරුණයෙකු මිය ගොස් ඇති බව වාර්තා කරයි.

මෙසේ මිය ගොස් ඇත්තේ මිනුවන්පිටියගේ රව්දු විදුරන්ග පීරිස් නැමැති හෝටල් සේවකයෙක් වන අතර ඔහු පානදුර අරුග්ගොඩ ප්‍රදේශයෙ පදිංචිකරුවෙක් බව පවසයි.

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

මෙසේ කඩා වැටී ඇත්තේ මොරටුව ප්‍රසිද්ධ හෝටලයක් සහ උත්සවශාලාවක් වන මහල් කීපයකින් යුත් ගොඩනැගිල්ලේ සේවකයන් වෙනුවෙන් භාවිතා කරන විදුලි සෝපානක් බව වාර්තා වේ.

Soco නිළධාරින් ලවා හෙට දිනයේ මේ පිළිබඳව වැඩිදුර පරික්ෂාව සිදුකිරිමට නියමිත බව සඳහන්.

කොරේ පිටට මරේ කියලා බස් ගාස්තුත් ගැනත් ඔන්න තීරණයක්

කොරේ පිටට මරේ කියලා බස් ගාස්තුත් ගැනත් ඔන්න තීරණයක්

අනතුරෙන් පසු තුවාලකරු පානදුර මුලික රෝහලට ඇතුළත් කර ඇතත් රෝහලට ගෙනයන විටත් ඔහු මියගොස් ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි.

අනතුර සම්බන්ධයෙන් එම හෝටල් කළමනාකරු මොරටුව පොලිසිය වෙත් පැමිණිල්ලක් ලබා දී ඇති බව වාර්තා වේ.

දෙයියනේ...290 බිලි අරන් ගුවන් යානය කඩා වැටිලා තියෙන්නේ හේතුව මෙන්න

දෙයියනේ...290 බිලි අරන් ගුවන් යානය කඩා වැටිලා තියෙන්නේ හේතුව මෙන්න

එසේම මියගිය තරුණයා සිව් මසක් වැනි කෙටි කාලයක් මෙම හෝටලයේ සේවය කරමින් සිට ඇති බව ද පවසයි.

මෙහි ස්ථානිය පරීක්ෂාව මොරටුව හදිසි මරණ පරීක්ෂක කවිඳු පීරිස් විසින් සිදු කර තිබෙනවා.

එමෙන්ම සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මොරටුව පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති බණ්ඩාර, පොලිස්‌ සැරයෙන් විමලනන්ද, සහ පොලිස්‌ කොස්තාපල් කිර්තිසිංහ සිදු කිරීමට නියමිතයි.        

මුළු ලංකාවම බයෙන් හිටපු ඒ දේත් වෙලා...යුද්දෙන් ලාංකිකයන්ටත් තුවාල

මුළු ලංකාවම බයෙන් හිටපු ඒ දේත් වෙලා...යුද්දෙන් ලාංකිකයන්ටත් තුවාල

ReeCha