කොළඹ මහ නගර සභාවේ උණුසුම් වන පුරපති සටන

Report

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම හෙට (16) පැවැත්වීමට නියමිතව තිබේ.

අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක් - ජනපති සමාව අවභාවිතය ගැනත් කතා කරයි

අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක් - ජනපති සමාව අවභාවිතය ගැනත් කතා කරයි

ඊට අදාළ ගැසට් නිවේදනය පළාත් පාලන කොමසාරිස්වරිය විසින් පසුගියදා නිකුත් කළ අතර ඒ අනුව කොළඹ නගර ශාලාවේ පැවැත්වීමට නියමිත රැස්වීමේදී, නව නගරාධිපතිවරයා සහ උප නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පළමු කාර්යය ලෙස සිදුකිරීමට නියමිතය.

දැන්නම් AI ඉගෙනගන්නම වෙයි ඔන්න රාජ්‍ය සේවයටත් AI රිංගලා

දැන්නම් AI ඉගෙනගන්නම වෙයි ඔන්න රාජ්‍ය සේවයටත් AI රිංගලා

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව කොළඹ මහ නගර සභාවේ 117ක් වන සමස්ත සභික සංඛ්‍යාවෙන් සභික ධුර 48ක් ජාතික ජනබලවේගයට හිමි වූ අතර සමගි ජනබලවේගයට සභික ධුර 29ක් හිමිවිය.

ICU එකටවත් උපකරණ නෑ ලෙඩ්ඩු ටිකට මැරෙන්නද වෙන්නේ? ඖෂධ හිඟය නැතිකරනවයි කියලා ආවේනම්.. දැන් මොකක්ද කියන්නේ?

ICU එකටවත් උපකරණ නෑ ලෙඩ්ඩු ටිකට මැරෙන්නද වෙන්නේ? ඖෂධ හිඟය නැතිකරනවයි කියලා ආවේනම්.. දැන් මොකක්ද කියන්නේ?

එක්සත් ජාතික පක්ෂයට සභික ධුර 13ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සභික ධුර 5ක් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට සභික ධුර 4ක් සහ සර්වජන බලයට සභික ධුර 2ක් හිමි වු අතර සෙසු සභික ධුර සංඛ්‍යාව අනෙකුත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතර බෙදී ගියේය.

ඡන්ද ප්‍රතිඵලයට අනුව කිසිදු පක්ෂයක් විසින් 50% ඉක්මවූ බහුතර සභික සංඛ්‍යාවක් ලබානොගැනීම තුළ කොළඹ මහ නගර සභාවේ ප්‍රධානීන් පත් කරගැනීම සඳහා හෙට පැවැත්වෙන මංගල රැස්වීමේදී ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතය.

ජාතික ජනබලවේගය මෙන්ම සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂය ද කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවන බවට ප්‍රකාශ කර තිබීම හේතුවෙන් හෙට පැවැත්වෙන ඡන්ද විමසීම බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබේ.

කොළඹ මහ නගර සභාව සඳහා පත් වූ ජාතික ජනබලවේගයේ සභිකයින් පසුගියදා දිවුරුම්දුන් අතර සමගි ජනබලවේගයේ සභිකයින් අද (15) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියේ දිවුරුම්දෙනු ලැබීය.