“මම නෙමෙයි ඒක කළේ ජනාධිපති” – අධිකරණ ඇමතිගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! [VIDEO]

Anura Kumara Dissanayaka Government Of Sri Lanka Law and Order Sinhala news
By Mithu Jun 13, 2025 11:02 AM GMT
Mithu

Mithu

Report

හිටපු අග විනිසුරු ජයන්ත ජයසූරිය එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත ධුරයට පත් කිරීම සිදු කළේ තමා නොවන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි. එම පත්වීම සිදු කිරීමට ගත් පදනම පිළිබඳ තමන්ට පැහැදිලි අවබෝධයක් නොමැති බවත්, එහි සදාචාරාත්මක බව පිළිබඳ ඕනෑම අයෙකුට ප්‍රශ්න කිරීමට හැකි බවත්, එවැනි ප්‍රශ්න කිරීම්වලට තමන් විරුද්ධ නොවන බවත් ඇමතිවරයා අවධාරණය කළේය.

යුද උණුසුමට මැදිවී ශ්‍රී ලන්කන් ගුවන් මාර්ගය වෙනස් වෙයි.

යුද උණුසුමට මැදිවී ශ්‍රී ලන්කන් ගුවන් මාර්ගය වෙනස් වෙයි.

කෙසේ වුවත්, ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද පත්වීමක් වැරදි යැයි ප්‍රකාශ කිරීමට තමන්ට නොහැකි බවද හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළේය. ඊයේ (12) ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාවේ වැඩසටහනකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

දිල්ලි බලා ගිය Air India ගුවන්යානයක් හරවා යවයි – ජීවිත 156ක් යන්තමින් බේරෙයි!

දිල්ලි බලා ගිය Air India ගුවන්යානයක් හරවා යවයි – ජීවිත 156ක් යන්තමින් බේරෙයි!

මෙම ප්‍රකාශය ඉදිරිපත් කරන ලද්දේ, විශ්‍රාමික ඉහළ රාජ්‍ය නිලධාරීන් සහ විනිසුරුවරුන්ට මෙවැනි ඉහළ පත්වීම් ලබාදීම තුළින් රජයේ සේවයේ නියුතු පිරිස ආණ්ඩුවට පක්ෂපාතී වන ලෙස බලපෑම් කිරීමට හැකි යැයි ජාතික ජන බලවේගය (NPP) පසුගිය සමයේදී විවේචනය කර තිබූ අතර, එවැනි පසුබිමක බලයට පත්වූ එම පක්ෂය මෙලෙස හැසිරීම සදාචාරාත්මකද යනුවෙන් මතු වූ ප්‍රශ්නයට පිළිතුරු ලෙසය. අධිකරණ ඇමතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ, මෙම පත්වීම සම්බන්ධයෙන් තමන්ට ඍජු වගකීමක් නොමැති බවත්, එය ජනාධිපතිවරයාගේ තීරණයක් යටතේ සිදුවූවක් බවත්ය.

නිකන් කැත වැඩ කරන්න එපා..ජර්මන් ජනපතිට වඩා අනුරව කොට කරලා...ලැජ්ජා කළ අයට වැඩ වරදී

නිකන් කැත වැඩ කරන්න එපා..ජර්මන් ජනපතිට වඩා අනුරව කොට කරලා...ලැජ්ජා කළ අයට වැඩ වරදී

එසේම, මෙවැනි පත්වීම්වල සදාචාරාත්මක බව පිළිබඳ සමාජය තුළ විවිධ මතවාද ඉදිරිපත් විය හැකි බවත්, එවැනි සාකච්ඡාවලට තමන් විවෘත බවත් ඔහු සඳහන් කළේය. මෙම පත්වීම හිටපු අග විනිසුරුවරයෙකුට ලබාදුන් ඉහළ තනතුරක් වීම හේතුවෙන්, එය රට තුළ සැලකිය යුතු ආන්දෝලනයක් ඇති කර ඇති අතර, එවැනි තීරණවල ආණ්ඩුවේ විනිවිදභාවය සහ සදාචාරාත්මක බව පිළිබඳව දැඩි අවධානයක් යොමු වී ඇති බව ද වාර්තා වේ.

යාපනයේ බලය ඉලංකෙයි තමිල් අරසු පක්ෂයට

යාපනයේ බලය ඉලංකෙයි තමිල් අරසු පක්ෂයට


ReeCha