කොරේ පිටට මරේ කියලා බස් ගාස්තුත් ගැනත් ඔන්න තීරණයක්

Report

මීළඟ බස් ගාස්තු සංශෝධනයේදී අවම බස් ගාස්තුව ඇතුළු අනෙකුත් බස් ගාස්තු ඉහළ දැමීම පිළිබඳව බස් හිමියෝ සාකච්ඡා පවත්වෙමින් සිටින බව වාර්තා වේ.

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

ඒ අනුව බස් හිමියන් පෙන්වා දෙන්නේ ජූලි මස පළවෙනිදා සිදුවන බස් ගාස්තු සංශෝධන‍යේ දී මෙම මිල ඉහළ යාම සිදු කළ යුතු බවයි.

මෙම ගාස්තු වැඩි කිරීමට හේතු වශයෙන් ඔවුන් සඳහන් කරන්නේ සේවක වැටුප් වැඩිවීම, ලිහිසි තෙල් මිල ඉහළ යාම, බස් රථ අමතර කොටස් මිල අධික ලෙස ඉහළ යාමයි.

තවද විදුලි ගාස්තු ඉහළ යාම නිසා අනාගතයේදී බස් රථ අලුත් වැඩියා කිරීමේ ගාස්තු පවා ඉහළ යනු ඇති බවත් ඔවුන් කියයි.

දෙයියනේ...290 බිලි අරන් ගුවන් යානය කඩා වැටිලා තියෙන්නේ හේතුව මෙන්න

දෙයියනේ...290 බිලි අරන් ගුවන් යානය කඩා වැටිලා තියෙන්නේ හේතුව මෙන්න

බස් හිමියන් පෙන්වා දෙන්නේ රුපියල් මිලියන 13 කට පමණ තිබූ බස් රථයක මිල මේ වන විට රුපියල් මිලියන 18 ක් දක්වා ඉක්මවා ඇති බවයි.

එසේම ඩීසල් මිල යම් සාමාන්‍ය මට්ටමක පැවතියද සෙසු සෑම වියදම් ඉහළ ගොස් ඇති බවත් දක්වයි.

ඒ අනුව ඔවුන් විසින් ඒ පිළිබඳ යෝජනාව හෙට දිනයේ දී ජාතික ගමනාගමන කොමිෂන් සභාවට භාරදීමට කටයුතු කරන බව වාර්තා වේ.

බලන් ගිහාම ඔක්කොම බොරු මරිසි...හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කරන්නේ නෑ...

බලන් ගිහාම ඔක්කොම බොරු මරිසි...හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කරන්නේ නෑ...

මුළු ලංකාවම බයෙන් හිටපු ඒ දේත් වෙලා...යුද්දෙන් ලාංකිකයන්ටත් තුවාල

මුළු ලංකාවම බයෙන් හිටපු ඒ දේත් වෙලා...යුද්දෙන් ලාංකිකයන්ටත් තුවාල