රජය අප්සට් නම් එලවන්න - කතානායකම කියයි
රටකට වඩාත් වැදගත් පුද්ගලයා පුරවැසියා බවත් නිසි ලෙස රාජ්‍ය පාලනය නොකරන්නේ නම් පුරවැසියා විසින් රජය පළවා හැරිය යුතු බවත් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පවසයි.
කොළඹදී පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසුවේය.
‘හැමදාම මේ දුවලා පුතාලා යෂ්ටිය අතට ගන්න ඕනේ. රජය කොන්ට්‍රෝල් එකේ තියාගන්න ඕනේ ඒක ඇත්ත. අප්සට් නම් එලවන්න. මේ බලය අතට ගත යුතුමයි ජනතාව’