පුප්පලා ගස්සලා යන්න ඔයා ශකීරද?...බොරු බයිලා එපා...කලාව පැත්තක තියලා ප්‍රසිද්ධියේ මරා ගන්න කලා තරු[VIDEO]
කලා ලෝකේ තරු ගැන ඕනෙ තරම් ඇහෙනවානේ.
හැබැයි ඒ අතරෙ තරු තරු අතරෙ යන උණුසුම් වචන හරඹ නිසා මේ දවස්වල සමාජ මාධ්‍යය ටිකක් කැළඹිලා කිව්වොත් හරි.
කොහොම වුණත් මේ වෙන කොටත් බුකිය කළඹපු තිසංක විදූෂා පළහිලව්ව එන්න එන්නම උණුසුම් වෙන්නේ දෙන්නම දෙන්නගෙ පැත්තෙන් සාධාරණය කියන්න යන නිසා.
ප්‍රශ්නෙ පටන් ගන්නේ විදූෂා එකම දවසෙ තැන් දෙකක සංගීත ප්‍රසංග දෙකක් භාර ගැනීමත් සමඟ.
කවුද නුවර සිට රත්නපුරේ දක්වා ප්‍රසංග දෙකක් භාර ගන්නේ යනුවෙන් පැවසීමත් සමඟයි. තිසංක කියන විදිහට විදූෂා රාජගුරු සංවිධායක මණ්ඩලය අපහසුතාවයට පත් කරලා ප්රසංගයේදී එක් ගීතයක් විතරක් කියලා එයාගේ අම්මත් එක්ක නිකන් නෙවෙයි ගස්සලයි හිහින් තිඑන්නේ.

රැඳවියාට සමාව දීම ගැන සම්පූර්ණ පැටිකිරිය එළියට...මහ මොළකරු බැසිල් ද? රට පැනලා එන්නෙ නැත්තෙත් ඒ නිසා..
ඉතින් තිසංකගේ මේ කතාවට උත්තර දෙන්න විදූෂත් එයාගේ පැත්තෙන් සටහනක් තිබ්බා.
සටහන
''නුවර ඉදන් රත්නපුරේ ආව බැති ගී ප්‍රසන්ගය.මේ මගේ මිනිස්සුන්ගේ ආදරයට ගොඩාක් ආදරෙයි🤍 මට නුවර ඉදන් යන්න පුලුවන් නිසයි බාරගත්තේ.නුවර ප්‍රසන්ගයේ 6ට sing කරන්න දෙනවා කියලා පොරොන්දු උන නිසයි රත්නපුරේ බැති ගී ප්‍රසන්ගයට 11ට යන්න බාරගත්තේ.කලින් එහෙම ගිහින් තියන නිසා.එහෙම කියපු එක දුන්නේ 8ට.එකත් කමක් නෑ කියලා stage එකට නැග්ගේ මිනිස්සු නිසා🤍 advance එක ඇරෙන්න සල්ලි ලැබුනෙත් නෑ බලපොරොතුවකුත් නෑ. සින්දුවක් කිව්වට පස්සේ කලින් දුන්න ගීත ඒ කිව්වේ,මගේ ගීත (සම්බුදු රුව, සුනිල දම්විල) practice නෑ කිව්වා.track දුන්නාම එකත් බෑ කිව්වා.stage එක උඩ අපහසුතාවට පත් කරා.ඉතින් මං මොකද කරන්නේ?🙂 ඒ නිසයි නුවර ප්‍රසන්ගයේ එක ගීතයක් කිව්වේ. තිසන්ක අයියා බෑ කිව්වට එච්චර පරක්කු උනත් 11 වෙනකොට රත්නපුරේ ට ඇවිත් සින්දු කිව්වා.කතාවේ හැම පැත්ත්ම බලලා react කරන්න.මේක තේරුම් ගන්න පුලුවන් බුද්ධිමත් ප්‍රේක්ෂකයා ලංකාවේ ඉන්න්වා.ඉන්න ඕනේ🙏🏻🤍''
හැබැයි ඒකටත් තිසංක සැර උත්තරයක් දීලා තිබ්බා.
ඒ අතරෙ "දෙරණ හදපු තරු අතරෙ මම දැක්ක කුහකම ජරාම තරුව ඔයා නංගි...ඔයාගේ අම්මා හිතන්නේ ඔයා ශකීර කියලා.වැඩිදුර යන්න අමාරුවෙයි ඔයාට සමාවෙන්න බොරු බයිලා එපා'' යනුවෙන්.
මෙතන හරි කවුද වැරදි කවුද කියන්න අපි දන්නේ නෑ.
ඒත් මොනවා වුණත් කලාතරු වුණාම ඉවසීමෙන් වැඩ කළොත් වෙන්න යන විනාස නවත්ත ගන්න පුළුවන් කියලා ප්රේක්ෂකයොන්ටත් තේරෙනවා ඇති.
