මොකක්ද මේ වෙන්න යන්නේ..? ඉරානය ඉරාකයෙන් හදිසියේ කරපු ඉල්ලීම

Report

ඊශ්‍රායලය විසින් ඉරාකයේ ගුවන් අවකාශය භාවිතා කිරීම අවහිර කරන ලෙස ඉරානය ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඉරානය සහ ඉරාකය අතර හදිසි දුරකථන ඇමතුමක් පවත්වා ඇති බවත්, එහිදී ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් මෙම ඉල්ලීම සිදුකර ඇති බවත් එම වාර්තාවන්හි දැක්වේ.

විදෙස්ගත ඥාතීන් ඉන්නවද ? විශේෂ නිවේදනයක් මෙන්න

විදෙස්ගත ඥාතීන් ඉන්නවද ? විශේෂ නිවේදනයක් මෙන්න

ඉරාකය, ඊශ්‍රායලය සහ ඉරානය අතර පිහිටා ඇති අතර, මේ දක්වා ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ලකරනු ලැබුවේ ඉරාක ගුවන් අවකාශය ද භාවිතා කරමිනි.

ඉරාක ජනපති අබ්දුල් ලතීෆ් රෂීඩ් සමග පැවැති මෙම දුරකථන සංවාදයේ දී ඉරාන ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ, ඊශ්‍රායල ප්‍රහාර දිගටම පැවතුනහොත් එය කලාපයේ අනෙකුත් රටවල් ද අවදානමට ලක්විය හැකි බවයි.

අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක් - ජනපති සමාව අවභාවිතය ගැනත් කතා කරයි

අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක් - ජනපති සමාව අවභාවිතය ගැනත් කතා කරයි

ඒ හේතුවෙන් ඉස්ලාමීය ජාතීන්ගෙන් ස්ථිර ස්ථාවරයක් ඉල්ලා සිටින බවත්ය. ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තාවන්ට අනුව, ඊයේ මධ්‍යම රාත්‍රිය වනවිට ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරාන ජාතිකයින් 128 දෙනෙකු මිය ගොස් තිබේ.

ඉන් ටෙහෙරානයේ ගොඩනැගිල්ලකට එල්ල වූ ප්‍රහාරයකින් ළමුන් 20ක් පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් ඇත.

සුපර්මෑන් ඇයි යටඇදුම උඩට ඇදන් ඉන්නේ දන්නවද? එන්න අද දැනගමු

සුපර්මෑන් ඇයි යටඇදුම උඩට ඇදන් ඉන්නේ දන්නවද? එන්න අද දැනගමු

මේ වනවිට තවත් 900ක් පමණ තුවාල ලබා සිටින බවද විදෙස් වාර්තාවන්හි දැක්වේ.