Mister National Universe මෙවර ශ්‍රී ලංකාවටද..?
ලොව රටවල් 25ක තරුණයන් තරගවදින 7 වැනි මිස්ටර් නැෂනල් යුනිවර්ස් 2025 තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර සහභාගී වන අශාන් නවෝද් අද (15) අලුයම දිවයිනෙන් පිටව ගියේය.
මේ අතර, ලොව රටවල් 37ක තරගකරුවන් තරග කළ තායිලන්තයේ බැංකොක් නුවර පැවති 23 වැනි මිස්ටර් මෑන්හන්ට් ඉන්ටර්නැෂනල් 2025 නිරූපණ තරගාවලියේ අනුශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකාවේ පියුමාල් සිතුම් අද දිවයිනට පැමිණියේය.