උණුසුම යන්නත් කලින් ඉන්දියාවෙ තවත් ගුවන් අනතුරක් සියල්ල මරුට [VIDEO]

Report

පසුගියදා ඉන්දියාවේ air india ගුවන් යානාවක් අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් එක් පුද්ගලයකුගේ පමණක් ජීවිතය සුරැකී අනිත් සියලු දෙනාම ජීවිතක්ෂයට පත්විය. ශෝකී ජනක අවස්ථාවට පසුව නැවත වතාවක් ඉන්දියාව දෙසින් තවත් අවාසනාවන්ත කතාවක් ඇහෙනවා.මේ ඒ ගැන.

උතුරු ඉන්දියාවේ උත්තරාකන්ඩ් ප්‍රාන්තයේ කඳුකර ගෞරිකුන්ද් ප්‍රදේශයේදී නියමුවා ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකු රැගත් හෙලිකොප්ටරයක් අද (15) අනතුරට ලක්වීමෙන් එහි ගමන්කළ පුද්ගලයින්  සියලු දෙනා මිය ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මුළු ලංකාවම බයෙන් හිටපු ඒ දේත් වෙලා...යුද්දෙන් ලාංකිකයන්ටත් තුවාල

මුළු ලංකාවම බයෙන් හිටපු ඒ දේත් වෙලා...යුද්දෙන් ලාංකිකයන්ටත් තුවාල

ඉන්දීය ප්‍රවෘත්ති ඒජන්සිය වන ANI ට අනුව, හෙලිකොපටර් යානය ඩෙහ්රාඩුන් සිට ගුවන් ගත වී ඇති අතර, හිමාලයානු දේවාලය අසල ඉහළ උන්නතාංශ කලාපයක් වන ගෞරිකුන්ද් අසලදී ගුවන් ගමනාගමන පාලනය සමඟ සම්බන්ධතා නැති වී තිබෙනවා. පසුව සිදුකළ සෝදිසියකදී ත්‍රිජුගිනාරායන් සහ ගෞරිකුන්ද් අතර තිබී කඩා වැටුණු හෙලිකොපටරයේ සුන්බුන් සොයා ගත් බවයි එම මාධ්‍ය වාර්තාවේ සඳහන්.

අනතුරින් මිය ගිය පිරිස අතරට ගුවන් නියමුවාද ඇතුළත් ව ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. උත්තරාකන්ඩි සිවිල් ගුවන් සේවා අධිකාරිය අනතුර සම්බන්ධව පවසා ඇත්තේ සිදුවීම ඉන්දීය වේලාවෙන් අද අලුයම 5.20ය සිදුව ඇති අතර අනතුරට පත්වන අවස්ථාවේදී යානය තුළ නියමුවා ඇතුළු පුද්ගලයින් 7 දෙනෙකු සිටි බවය. 

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

අද ඔබේ ලග්නය කියන දේවල් ඇත්ත වුණොත්? බලලම තීරණය කරන්න

අද ඔබේ ලග්නය කියන දේවල් ඇත්ත වුණොත්? බලලම තීරණය කරන්න