පළවෙනි පාරට හස්බන්ඩ් බලන්න ගිය ඇගේ සංවේදි කතාව...තාත්තා කරලා තියෙන දේ දකිද්දි පපුව පිච්චෙනවා[VIDEO]

Report

මුළු ලෝකෙම කම්පා කරමින් ඊයේ (12) දින ඉන්දියාවේ අහමදාබාද් ගුවන් තොටුපලේ සිට ලන්ඩන් බලා ගමන් කළ එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් බොයිං 787 වර්ගයේ යානයක් ගුවන්ගතවී සුළු මොහොතකින් කඩා වැටෙනවා.

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

ඒ 290 ක පිරිසක් මරු කටට යවමින්.

අනතුරෙන් දිවි ගලවා ගන්න සමත් වෙන්නේ වාසනාවකට වගේ එක් පුද්ගලයෙක් විතරයි.

ඔහු ගැන සතුටු වෙන්න ද නැත්තම් මිය ගිය පිරිස ගැන දුක් වෙන්න ද කියලා ලෝකෙම අනතුර ගැන වද වෙන කොට යානාවේ හිටපු මගීන්ගේ ශෝකජනක ඉරණම ගැන සමාජ මාධ්‍ය පුරාවටම විවිධ පුවත් සංසරණය වෙනවා.

ඒ අතරෙ අහන්න ලැබුණු තවත් සංවේදී කතාවක් තමයි මේ. ඇය කුෂ්බු රාජ්පුරෝහිත්.

හෙට ඉඳන් සබන් නැතුව තමයි නාන්න වෙන්නේ...

හෙට ඉඳන් සබන් නැතුව තමයි නාන්න වෙන්නේ...

මේ වසරේ ජනවාරි මස මන්පූල් සිං නැමති පුද්ගලයෙක් සමඟ ඇය විවාහ වෙලා තියෙනවා. ඇගේ සැමියා ලන්ඩන්හි වැඩිදුර අධ්‍යාපනය හදාරමින් ඉඳලා තියෙනවා.

ඉතින් බලාපොරොත්තු ගොන්නක් හිතේ තියා ගෙන ඇය ඊයේ ගිහින් තියෙන්නේ පළවෙනි වතාවට ලන්ඩන්වල ඉන්න තමන්ගේ සැමියා හමුවෙන්න.

ඇය මේ සිද්ධිය වෙන්න සුළු මොහොතකට පෙර තම පියාගෙන් නික්ම යද්දි ඇගේ පියා සමාජ මාධ්‍ය සටහනක් තියන්නේ තමන්ගෙන් ටික දවසකට හරි වෙන්ව යන ආදරණීය දියණිය ගැන ආදරෙන්.

290 දෙනෙක් මරු කටට යැවූ බිහිසුණු ගුවන් අනතුරෙන් බේරුණු ඔහු කියපු සංවේදී කතාව

290 දෙනෙක් මරු කටට යැවූ බිහිසුණු ගුවන් අනතුරෙන් බේරුණු ඔහු කියපු සංවේදී කතාව

හැබැයි ඔහු දන්නවා නම් ඇය යන්නේ නොඑන ගමනක් කියලා ඔහු කිසිදාක ඇයට යන්න නොදේවි.

ඇගේ පියා තම දියණිය ගුවන් තොටුපලෙන් නික්ම යන ආකාරය සිය වට්සැප් ගිණුමේ පළකරලා තිබුණේ මෙන්න මේ විදිහටයි.

" අද මගේ දුව ලන්ඩනයට යනවා" 

ණය ගන්න අයට මෙන්න මහ බැංකුවෙන් සුබ ආරංචියක්

ණය ගන්න අයට මෙන්න මහ බැංකුවෙන් සුබ ආරංචියක්

GalleryGallery