මුළු ලංකාවම බයෙන් හිටපු ඒ දේත් වෙලා...යුද්දෙන් ලාංකිකයන්ටත් තුවාල

Report

ඉරානය මඟින් ඊශ්‍රායලයේ ටෙල්අවීව්, අයිෆා සහ අවට ප්‍රදේශ ඉලක්ක කර ගෙන එල්ල කළ ප්‍රහාර නිසා ශ්‍රී ලාංකික කාන්තාවක් තුවාල ලබා තිබෙන බව වාර්තා වේ.

මහජනතාවට කෙළ වෙන බව මහ බැංකුවෙන්ම දැනුම් දෙයි

මහජනතාවට කෙළ වෙන බව මහ බැංකුවෙන්ම දැනුම් දෙයි

ඒ සම්බන්ධයෙන් ඊශ්‍රායල තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කරන්නේ තුවාල ලැබූ කාන්තාවගේ තත්ත්වය බරපතළ නොවන බවයි.

ඊශ්‍රායලයේ බැට් යම් ප්‍රදේශයේ සේවය කළ ශ්‍රී ලාංකික කාන්තාවක් මෙසේ තුවාල ලබා ඇති බව වාර්තා වේ.

එසේම ටෙල්අවීව් නගරයට දකුණු දෙසින් සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවක් ද ඇය සේවය කරන නිවසේ ඇති වූ දෙදරීම නිසා එම නිවසේ සිටි අයද සමඟ ඉන් ඉවත්ව ඇති බවත් සඳහන්.

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

කෙසේ වෙතත් ඉරාන ඊශ්‍රායල යුධ ගැටුම් නිසා ඒ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව මෙරටින් සමීපව නිරීක්ෂණය කරන බව මින් පෙර ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලාංකිකයින්ට සහාය වීම සඳහා පය 24 පුරාවට හදිසි සම්බන්ධතා මාර්ග ක්‍රියාත්මක කරන ලෙස ද මැද පෙරදිග සෑම ශ්‍රී ලංකා දූත මණ්ඩලයක් වෙතම උපදෙස් ලබා දී ඇති බවත් සඳහන්.

භයානකයි.. පුළුවන් ඉක්මනට ෆේස්බුක් එකෙන් ඔයාටත් මේ පණිවුඩේ ඇවිල්ලද බලන්න

භයානකයි.. පුළුවන් ඉක්මනට ෆේස්බුක් එකෙන් ඔයාටත් මේ පණිවුඩේ ඇවිල්ලද බලන්න