ජනපති අනුරගෙන් පොරොන්දුවක්

By Hashini Jun 15, 2025 05:25 PM GMT
Report

ජනාධිපති අනුර කුමාර දිසානායක පවසන්නේ ජාතිවාදය මත කිසිවෙකු හෝ රට තුළ දේශපාලනය කිරීමට උත්සහ කරනවා නම්, අලුතින් නීති සකසා හෝ ජාතිවාදී දේශපාලනයට තිත තබන බවයි.

ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ජාතික ජන බලවේග ආණ්ඩුව පත්කර ගනිමින් ශ්‍රී ලාංකිකයින් තැබූ අපේක්ෂා කිසිදු අයුරකින් බිඳ වැටීමට ඉඩ නොතබන බවයි.

ගුවන් අනතුරේ උණුසුම යන්නත් කලින් ඉන්දියාවේ තවත් අනතුරක් - 6ක් මරුට

ගුවන් අනතුරේ උණුසුම යන්නත් කලින් ඉන්දියාවේ තවත් අනතුරක් - 6ක් මරුට

ජර්මනියේ සංචාරයක නිරත වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවු අවස්ථාවේ මේ බව පවසා සිටියා.

ජර්මනියේ වාසය කරන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්, ආයෝජකයින් සහ වෘත්තිකයින් රැසක් මෙම හමුවට එක්ව සිටි අතර, ඔවුන් ඉතා උණුසුම් අයුරින් ජනාධිපතිවරයා පිළිගනු ලැබුවා. අද ජර්මනියේ නිල සංචාරය අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක දිවයිනට පැමිණියා. 

මොකක්ද මේ වෙන්න යන්නේ..? ඉරානය ඉරාකයෙන් හදිසියේ කරපු ඉල්ලීම

මොකක්ද මේ වෙන්න යන්නේ..? ඉරානය ඉරාකයෙන් හදිසියේ කරපු ඉල්ලීම