අලි ඇතුන් ඝාතනය කරන්නේ ස්නයිපර් කල්ලියකින් ඇඟ කිලි පොලායන හෙළිදරව්වක්

Report

පසුගිය කාල සීමාවේදී වන අලි රැසක් විවිධ වෙඩි ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්විය.ආසන්නතම මරණයේ වාර්තා වුණේ භාතිය නැමැති ඇත් රජුගේ වියෝවත් සමඟයි.ඔහුටත් කීප අවස්ථාවකදීම වෙඩි ප්‍රහාර රැසක් එල්ල වී තිබුණු අතර අවසානයේදී ප්‍රතිකාර කළත් එය පළක් වූයේ නැත.

මෙවැනි සිදුවීම් නිසා අලි ඝාතන සම්බන්ධයෙන් වෙනදටත් වඩා විමර්ශන සිදු කරමින් පවතී.ඒ අනුව 'මනාප’ ලබා ගැනීමේ අරමුණින් වනාන්තර ප්‍රදේශ ජනතා පරිහරණයට පත්කිරීම සඳහා සංවිධානාත්මක ස්නයිෆර් කල්ලියක් යොදා ගනිමින්, ඇතුන් හා වනඅලි ඝාතන සිදු කෙරෙන බව පැහැදිලි බවත් ඒ අනුව රජය මීට අනිවාර්යෙන් පිළිතුරු ලබා දිය යුතු බවත් පූජ්‍ය පාගොඩ ජනිතවංශ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹදී ඊයේ (23දා) පැවති සත්ත්ව සංවිධාන මාධ්‍ය හමුවකදී දැඩිව චෝදනා නැඟිණ.

වාර විභාග ගැන අවසන් තීන්දුව හෙට - සිසුන්ගේ අවධානය දැන් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත

වාර විභාග ගැන අවසන් තීන්දුව හෙට - සිසුන්ගේ අවධානය දැන් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත

මෙහිදී එම සංවිධාන පෙන්වා දුන්නේ දුර සිට එල්ලය ගෙන හිසට වෙඩි තබා අලි ඇතුන් ඝාතනය කිරීම හේතුවෙන් එය ස්නයිෆර් කල්ලියක් විසින් සිදු කරන බවට පැහැදිලිව සාක්ෂි දරන බවයි.

එසේම ගල්ගමුව අලි මාරුවන පාලම ඉදිකිරීම ප්‍රමාද කිරීමට හේතුව ශ්‍රී ලංකාවේ උසම ඇතා වන 'කාවන්තිස්ස’ ඝාතනය කිරීම සඳහා සැලසුමක් වන බවට ජනතාව ඇතුළු පරිසරවේදීන්ට තතු අනාවරණය වන බවත් එය එසේ නොවන්නේ නම් පාලම කඩිනමින් ඉදි කිර්මට රජය පියවර ගතයුතු බවත් මාධ්‍ය හමුවේදී ඔවුහු අවධාරණය කර සිටියහ.

එම සංවිධාන වැඩිදුරටත් රජයට අවධාරණය කර සිටියේ අලි ඇතුන් ඝාතන නවතා දැමීමට ආණ්ඩුවට නොහැකි නම් එය ඉටු කිරීමට තමන් වෙත අවස්ථාව සලසා දෙන ලෙසය.

පිල්ලෙයාන්ගේ මුලික අයිතිවාසිකම් පෙත්සම විභාග කරන්න තීරණය කරයි

පිල්ලෙයාන්ගේ මුලික අයිතිවාසිකම් පෙත්සම විභාග කරන්න තීරණය කරයි

ඒ අනුව තම සංවිධාන ඇතුළු පරිසරවේදීන් සතුව ඊට අවශ්‍ය සැලසුම් පවතින බවද ඔවුහු ප්‍රකාශ කර සිටියහ.බෞද්ධ භික්ෂූන් වහන්සේලා, සත්ව සුබසාධන සංවිධාන, ආයතනික නියෝජිතයන් ඇතුළු පරිසර හා සත්ත්වවේදීන් එක්ව මෙම මාධ්‍ය හමුවූ සංවිධානය කර තිබූ අතර එහිදී අදහස් දක්වමින් පූජ්‍ය පාගොඩ ජනිතවංශ හිමියෝ මෙසේ පැවසූහ.

"ආණ්ඩුවට බැරි නම් කරුණාකරලා අපිට දෙන්න. සියලු සංවිධාන එකතුව අපි මේ අලි ඇතුන් ඝාතන ප්‍රශ්නය විසඳන්නම්. අලි ඇතුන් මැරෙන්නේ කැලේ ඇතුළේ.

ඡන්දය තියෙන මිනිස්සුන්ට වනාන්තර ලබා දීමට අලි ඇතුන් ඝාතනය කරනවා. ගොවියෝ සත්ව ඝාතන කරන්නේ නෑ. තුවක්කුවක් අතේ තිබුණට අලි ඇත්තුන්ට වෙඩි තියන්න තරම් ගොවියො සාහසික නෑ. නිකුත් කර ඇති සියලු ගිනි අවි රජය නැවත ලබා ගත යුතුයි. එතකොට පුළුවන් අපරාධකරුවන් අනාවරණය කරගන්න"

යනුවෙන් වැඩිදුරටත් අදහස් දක්වා තිබේ.

ඔබ යා යුතු තැනට අපි ඔබව යවනවා - නාමල්ගෙන් අනුරට දැඩි ප්‍රහාරයක්

ඔබ යා යුතු තැනට අපි ඔබව යවනවා - නාමල්ගෙන් අනුරට දැඩි ප්‍රහාරයක්