අග්බෝ හස්තියා තිරප්පනේ අතහැර මහකනදරාවට ගිහින්

Report

වසර දෙකකට ආසන්න කාලයක් මුළුල්ලේ තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රදේශ කීපයක සැරිසරමින් ජීවත් වූ අග්බෝ හස්තියා මේ වනවිට ඇතුගේ නිජබිම වූ මිහින්තලේ මහකනදරාව වැව් රක්ෂිතයට පැමිණ අලි රංචුවක් සමඟ වාසය කිරීමට පටන්ගෙන තිබේ .

පසුගිය   2023 දී බඳින තුවක්කුවකට හසුවී වෙඩි වැදීමකින් ඉදිරි වම් පාදය තුවාල ලබා තිරප්පනේ වන්නම්මඩුව වැව් රක්ෂිතයේ සිටියදී අග්බෝ ඇතු සොයා ගන ඇත.

ඉන් පසු පශු වෛද්‍යවරුන්ගේ නොමද කැපවීම නිසා මෙම අග්බෝ ඇතු සුවය ලබා තිබුණි.

මෙම අග්බෝ ඇතු වැදී කෘෂි අස්වනු විනාශ කළද තිරප්පනේ ජනතාවගේ බොහෝ ආදරය ලක්විය.

අග්බෝ ඇතුගේ ගමන් මාර්ගය කලාවැව, තිරප්පනේ හා මිහින්තලේ මහකනදරාව වැව් රක්ෂිතය හරහා වැටී ඇත.

ඒ අනුව    අවුරුදු දෙකකට පසු    මෙම අග්බෝ හස්තියා මිහින්තලේ මහකනදරාව වැව් රක්ෂිතයට පැමිණ රැළත් සමඟ එකට එකතු වී වාසය කිරීමට පටන්ගෙන ගෙන ඇති බව ප්‍රදේශවාසීන් සදහන් කරයි.

තත්ත්වය අවදානම් රටම පරිස්සමෙන්

තත්ත්වය අවදානම් රටම පරිස්සමෙන්

රත්තරන් ගන්න අදහසක් තියෙනවද? පිස්සු හැදෙන අද රන්මිල

රත්තරන් ගන්න අදහසක් තියෙනවද? පිස්සු හැදෙන අද රන්මිල