ලයිට් බිල වැඩි වෙන දිනය මෙන්න!

Report

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සිව් වැනි වාරිකය ලබා ගැනීමට නම් විදුලි බිල වැඩි කළ යුතු සැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29 දා) පැවසීය.

එය මැයි හෝ ජුනි සිදුවිය හැකි බවත් මැසි 06 වැනිදාට පෙර සිදු නොවන බව නම් තමාට ප්‍රකාශ කළ හැකි බවත් ගාලු දිස්ත්‍රික් පළාත් පාලන ආයතන සඳහා තරග කරන එජාප අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා පැවැති ජන හමුවකට එක්වෙමින් ඊයේ රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

‘දේශපාලනයට ගාලුමුවදොර පාවිච්චි කරන්නේ නෑ, මාලිමාව ගෝල්‌ෆේස් එකඟතාව කඩලා’

‘දේශපාලනයට ගාලුමුවදොර පාවිච්චි කරන්නේ නෑ, මාලිමාව ගෝල්‌ෆේස් එකඟතාව කඩලා’

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද කීය.

".. මෙවර මැයි දින උත්සවසක් පවත්වන්නේ නැහැ. පළාත් පාලන නියෝජිතයන් ගාල්ල, මහනුවර, කොළඹ මෙවැනි දැනුවත් කිරීම් සිදු කිරීමටත් මැයි 01 වැනිදා උදය වරුවේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ගෙන් ගෙට ගොස් එදින සවස 4.00ට යම් මට්ටමින් රැස්වීම් පවත්වන්නට තීරණය කර කියනවා.

මේක ජනාධිපතිවරණයක් නොවෙයි. මේක ගමේ ඡන්දයක්. සියලුම පක්ෂ ගාලු මුවදොර පිටිය රැස්වීම් සඳහා ලබා ගන්නේ නැති බවට එකඟ වී තිබේනවා. එවැනි තත්තවයකයි ආණ්ඩුව ගාලු මුවදොර රැළිය පවත්වන්නේ.. 03 වැනිදා මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කළ යුතු නිසා මැයි 01 වැනිදා ගමේ පිරිස් කොළඹට ගේන්න අදහසක් නැහැ.

ඉතිහාසයේ පළමු වරට විභාග කොමසාරිස් ජනරාල් පුටුවට කාන්තාවක්

ඉතිහාසයේ පළමු වරට විභාග කොමසාරිස් ජනරාල් පුටුවට කාන්තාවක්

අපේක්ෂකයෝ 7000ක් 25 දෙනා බැගින් ගෙනාවොත් ගාලු මුවදොරට වඩා පිරිසක් ගේන්න පුළුවන්. මේ ඡන්දය ගමේ පාර්ලිමේන්තුවට නියෝජිතයෝ තෝරන මැතිවරණයක්. මේ ඡන්දයෙන් මාලිමාවට වඩා වැඩි මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් තෝරාගන්න පිරිස අතරින් තමයි සභාපති, උප සභාපති තෝරා ගන්නේ. ඒ සඳහා තමයි අපි වැඩකටයුතු කරගෙන යන්නේ. ඇමරිකාව බිදු වැඩි කළා.

ඒ සම්බන්ධයෙන් ජනාධිපති ඩොනාල්ඩ් ට්‍රම්ප් සමග සාකච්ඡා කරන්න ඕනෑ. පාස්කු ප්‍රහාරය වෙච්ච වෙලාවේ ඩොනාල්ඩ් ට්‍රම්ප් මට කතා කළා. අවශ්‍ය සහායක් දෙන්නම් කිවිවා. ඒ සම්බන්ධයෙන් විමර්ශනයට පැමිණි පිරිසගේ වාර්තාව අනුව මේ ප්‍රහාරය සහරාන් ඇතුළු කල්ලියකගේ වැඩක් කිව්වා. මේ පිටුපස වෙනත් පිරිසක් නැහැ. අයි. එස්. අයි. එස්. කල්ලිය කරනු එකක් කිවිවා..."

පාකිස්තානය කිසි විටෙක ඉන්දියාවට පළමුවෙන් ම පහර දෙන්නේ නැහැ - ගැහුවොත් ගහනවා

පාකිස්තානය කිසි විටෙක ඉන්දියාවට පළමුවෙන් ම පහර දෙන්නේ නැහැ - ගැහුවොත් ගහනවා