උතුරන්නම මදි නොකියන්න, වහින වෙලේ.. විදුලි ගාස්තුවට මොකක් වෙයි ද?. ලංකාවම බලන් ඉන්න විදුලි ගාස්තුව..
ජල විදුලිය උත්පාදනයට යොදාගැනෙන ජලාශවල ජලමට්ටම් ඉහළ යාමත් සමග මේ වනවිට එම බලාගාරවලින් ඉහළ ධාරිතාවකින් විදුලිය උත්පාදනය කරන බව වාර්තා වේ.
ඒ අනුව ඊයේ (01) දිනයේදී දිවයිනේ සමස්ත විදුලි අවශ්‍යතාවෙන් 62.2%ක්ම උත්පාදනය කර තිබුණේ ජල විදුලි බලාගාරවලින් බව සඳහන් වේ.
මෙවැනි පසුබිමක විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික කියා සිටියේ 35% ත් 40%ත් අතර ප්‍රතිශතයකින් විදුලි ගාස්තුව අඩුකළ යුතු බව ය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ මෙවැන්නකී,
"මේ වෙනකොට කාර්තු ක්‍රමයට ගත්තාම හතරවෙනි විදුලි සංශෝධනයත් අපි භුක්ති විඳින්න ඕනේ. හැබැයි භුක්ති විඳින්න තියා මේ ආණ්ඩුව මේක ගැන තව හිතලාවත් නැති විදිහක් තමයි අපිට නම් පෙනෙන්නේ. මේ විදුලි බල මණ්ඩලයේ පත් කරපු සභාපතිවරයාට කොන්ත්‍රාත් සමාගමක් තියෙනවා විදුලි බල ක්ෂේත්‍රය ගැන. ඒ වගේම උප සභාපති ඉන්නවා ඔහුටත් කොන්ත්‍රාත් සමාගමක් තියෙනවා විදුලි ක්ෂේත්‍රය ගැන. ඉතිං මේවා තියෙද්දි විදුලි බිල අඩු වෙයිද?
ඒ නිසා මෙවර සංශෝධනයේදී විදුලි බිල අඩුවීමේ ප්‍රතිශතය 35%ත් - 40ත් ලබා දිය යුතුමයි. මොකද විදුලි බල මණ්ඩලය මේ වෙනකොට බිලියන 200කට වඩා ලාබ ලබමින් තමයි තියෙන්නේ.."
ජනප්‍රිය නිළියක්.. පෙම්වතා එක්ක යෝගා කරන්න ගිහින්.. එකපාරට ආ රළ පහරට ගහගෙන ගිහින්.. ඒ යද්දිත් ඇය භාවනාවේ..(PHOTOS)
මේ අතර, විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ඩම්.ඒ.පී. ප්‍රභාත් මහතා කියා සිටියේ 30%ක විදුලි බිල අඩුවීමක් සඳහා තවත් වසර කිහිපයක් ගතවුණු ඇති බවයි.
ඒ අනුව ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,
"මේ ලැබෙන වර්ෂාපතනයත් එක්ක යම්කිසි 6%යට එහා ගිය සහනයක් දෙන්න විදුලි බල මණ්ඩලය පැත්තෙන් පුළුවන් කමක් ලැබිලා තියෙනවා. නමුත් ඔය කියන 30% කතන්දරය නම් අනිවාර්යයෙන්ම මේ පාර වෙන්නේ නෑ. දෙසැම්බර් 06 වැනිදාට කළින් අපි උපයෝගිතා කොමිසමට යෝජනා යවනවා. බොහෝ වෙලාවට උපයෝගිතා කොමිසමට යැව්වාට පස්සේ ඒගොල්ලෝ සති දෙකක විතර කාලයක් ගන්නවා අනිවාර්යයෙන්ම මේක කළමනාකාරී කරලා බොහෝ වෙලාවට දෙසැම්බර් මාසේ අග සතිය හෝ ජනවාරි මුල සතියේ ඉඳලා විදුලිබිල අඩු කිරීමක් වෙනවා අනිවාර්යයෙන්ම."
You May Like This Video👇
.