ජනප්‍රිය නිළියක්.. පෙම්වතා එක්ක යෝගා කරන්න ගිහින්.. එකපාරට ආ රළ පහරට ගහගෙන ගිහින්.. ඒ යද්දිත් ඇය භාවනාවේ..(PHOTOS)

Report

ජනප්‍රිය රංගන ශිල්පිනියක් අවාසනාවන්ත ලෙස මිය ගිය පුවතක් පිළිබඳව තොරතුරු තායිලන්තයේ Koh Samui දූපතෙන් වාර්තා වේ.

ඒ එම දූපතේ වෙරළ තීරයේ යෝග අභ්‍යාස කරමින් සිටියදී යෝධ රළ පහරකට හසුවීමෙන් රුසියානු නිළි Kamilla Belyatskaya ය.

ජනප්‍රිය නිළියක්.. පෙම්වතා එක්ක යෝගා කරන්න ගිහින්.. එකපාරට ආ රළ පහරට ගහගෙන ගිහින්.. ඒ යද්දිත් ඇය භාවනාවේ..(PHOTOS) | Kamilla Belyatskaya

24 හැවිරිදි ඇය සිය පෙම්වතා සමඟ නිවාඩුවක් ගත කරමින් සිටියදී මෙම සිද්ධියට මුහුණ දී තිබෙනවා.

අනපේක්ෂිත ලෙස රළ පහර ඇයව මුහුදට ඇදගෙන යන විට ඇය භාවනාවේ යෙදී සිටි අයුරු දැක්වෙන, රළ පහරට පෙර ඇයගේ අවසන් මොහොත පටිගත කරන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය පුරාවට හුවමාරු වේ.

මත්පැන් ලෝලීන් බීලත් හමාර ද?. ඇස් උඩ යන්නම.. ගත් තීරණය මෙන්න..

මත්පැන් ලෝලීන් බීලත් හමාර ද?. ඇස් උඩ යන්නම.. ගත් තීරණය මෙන්න..

අසල සිටි අයෙකු ඇයව බේරා ගැනීමට උත්සාහ කළ නමුත් අවාසනාවන්ත ලෙස ඇයව බේරා ගැනීමට අපොහොසත් වී තිබෙනවා.

ජනප්‍රිය නිළියක්.. පෙම්වතා එක්ක යෝගා කරන්න ගිහින්.. එකපාරට ආ රළ පහරට ගහගෙන ගිහින්.. ඒ යද්දිත් ඇය භාවනාවේ..(PHOTOS) | Kamilla Belyatskaya

පසුව ඇයගේ සිරුර ගොඩගනු ලැබුවේ ඇය ගසාගෙන ගිය ස්ථානයේ සිට කිලෝමීටර කිහිපයක් ඈතින් වේ.

ඇය මෙම ස්ථානයට කිහිප විටකදීම ගොස් ඇති අතර ඇය එම ස්ථානය පිළිබඳව සිය සමාජ මාධ්‍ය ගිණුමෙහිද සටහන් තබා තිබෙනවා.

එමෙන්ම, ගලවා ගැනීමේ කණ්ඩායම් වේගයෙන් ඇය බේරා ගැනීමට උත්සහ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, ඇය මුහුදට ගසාගෙන ගොස් විනාඩි 15ක් ඇතුළත ගලවා ගැනීමේ කණ්ඩායම් එහි ළඟා වූ අතර අවාසනාවන්ත ලෙසින් ඇයව බේරා ගැනීමට හැකියාව ලැබී නොමැත.

You May Like This Video👇 

.