විශේෂ පිරිසක් මැතිවරණ කොමිසම හමුවට කැඳවයි..
සියලුම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ව, ජනාධිපතිවරණයට අදාළ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මැතිවරණය කොමිසමට කැඳවා තිබේ.
ඒ අනුව අද (03) පෙරවරුවේ මැතිවරණ කොමිසන් සභා ප්‍රධාන කාර්යාලයේදී එම සාකච්ඡාව ආරම්භ වූ බව වාර්තාවනවා.
ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම මේ වනවිට විවිධ පාර්ශ්ව සමග සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇත.
එළඹෙන සඳුදා දින මාධ්‍ය ආයතන ප්‍රධානීන් ද සාකච්ඡාවක් සඳහා කැඳවා ඇති බව වාර්තාවනවා.