අද සිට අගෝස්තු 3 දක්වා එල් - නිනෝ නිසා ලංකාවට වෙන්න යන දේ - සූදානමින් සිටින්නැයි දිවයිනටම රතු එළි
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ මහතා මේ දිනවල වැසි තත්ත්වය පැවැතිය ද එල් - නිනෝ බලපෑම හේතුවෙන් උෂ්ණත්වයේ අඩුවීමක් සිදු නොවන බව ප්‍රකාශ කර ඇත.
ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක ආශ්‍රිතවත් දැනට පවතින වැසි තත්ත්වය අද (30) යම් පමණකින් වැඩි විය හැකි බවත්, මෙම වැසි තත්ත්වය අගෝස්තු 03 වැනි දින පමණ වනතෙක් පවතිනු ඇති බවත් පැවසුවා.
එමෙන්ම එල් - නිනෝ බලපෑම හේතුවෙන් උතුරු, උතුරු මැද, නැගෙනහිර ආදී පළාත්වල උෂ්ණත්වයේ වැඩිවීමක් සිදුවී ඇති බවත් ඉදිරි අගෝස්තු මාසයේදී එම තත්ත්වය තවත් ඉහළ යාහැකි බවත් ඔහු ප්‍රකාශ කළා.
ඊට අමතරව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ උෂ්ණත්වය ඉහළ යාම නිසා සාමාන්‍ය කාලයට වඩා වැව් සහ ජලාශ ආදියේ ජලය වාෂ්පීකරණය ඉහළ යන බවයි.
එල් - නිනෝ තත්ත්වය නොවැම්බර් මාසයේදී උපරිමයට පත්වෙනු ඇති බවත් එබැවින් පැසිෆික් සාගර කලාපයේ සාමාන්‍ය මතුපිට උෂ්ණත්වය දිගු කාලීන සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 3ක පමණ අගයකින් මෙවර ඉහළ යනු ඇති බවත් ජාත්‍යන්තර කාලගුණික අංශ විසින් පුරෝකථනය කර තිබෙන බවද අධ්‍යක්ෂ ජනරාල් සඳහන් කළා.
එසේම ඊට පෙර පැවැති අති ප්‍රබල එල් - නිනෝ තත්ත්වයන්වලදී පැසිෆික් සාගර කලාපයේ සාමාන්‍ය මතුපිට උෂ්ණත්වය දිගු කාලීන සාමාන්‍ය අගයට වඩා ඉහළ ගොස් තිබුණේ 2.8% පමණ අගයකින් බවද ඔහු වැඩිදුරටත් කියා ඇත.
මේ වනවිට උතුරු නැගෙනහිර ප්‍රදේශවලට මාස පහ හයකින් පමණ වර්ෂාපතනයක් ලැබී නොමැති බවත් පළමු අන්තර් මෝසම ප්‍රමාණවත් පරිදි නොලැබීම හේතුවෙන් මාර්තු මාසයේදී වර්ෂාපතනයේ අඩුවීමක් සිදුවූ බවත් ඔහු සඳහන් කළා.
එසේ වුවද අප්‍රේල් මාසයේදී යම් වර්ෂාපතනයක් ඇදහැලුනු බවද ඔහු ප්‍රකාශ කළා.
දෙවිනුවර පෙරහැරට තවත් කොඩිවිනයක් - උණුසුම් තත්ත්වයක් සමඟ පෙරහැරේ අලි කුලප්පු කරලා මහා විනාසයකට සැලසුමක් හදලා