මේ දිනවල මත්පැන් හා පැණිබීම බොන අයට මාරාන්තික අනතුරු ඇඟවීමක් - සෞඛ්‍යය අමාත්‍යාංශයෙන් ඇඟ හිරි වැටෙන දැනුම්දීමක්

Report

සෞඛ්‍ය අමාත්‍යාංශ වෘත්තීය සෞඛ්‍ය ඒකකය මඟින් එල්-නිනෝ තත්ත්වයත් සමඟ පවතින උණුසුම මැද මත්පැන් හා පැණිබීම පානය මිනිස් සිරුරට ඉතා අහිතකර බවත් තාප ආඝාතය ඇතිවී මරණයෙන් කෙළවර වී යාමට එය හේතු විය හැකි බවටත් අනතුරු අඟවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව මේ දිනවල පරිසර උෂ්ණත්වය ඉහළ අගයකට පත්ව ඇති බවත් මත්පැන් පානය කිරීමෙන් සිරුරේ විජලනය ඇති වී විවිධ සංකූලතා මතුවිය හැකි බවත් එම ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ඉනෝකා සුරවීර මහත්මිය පැවසූ බව සඳහන්.

එසේම ඇය සඳහන් කළේ මෙම උණුසුම්කාරී තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවත් තීව්‍ර විය හැකි බවයි.

මාසික ඉන්ධන මිල සංශෝධනය අද - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දිවයිනටම දැනුම්දීමක්

මාසික ඉන්ධන මිල සංශෝධනය අද - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දිවයිනටම දැනුම්දීමක්

එබැවින් සිරුර විජලනයට ලක් නොවී තබාගැනීමට පිරිසුදු වතුර, තැඹිලි, කුරුම්බා, කොමඩු ආදිය වැඩිපුර භාවිත කිරීම ඉතා සුදුසු බවද ඇය ප්‍රකාශ කර තිබෙනවා.

තවද ප්‍රජා වි​ශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නේ එල්-නිනෝ තත්ත්වයත් සමඟ වායු ගෝලයේ උෂ්ණත්වය ඉහළ යාමෙන් කුඩා දරුවන්, ගැබිනි මව්වරුන් මෙන්ම වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටියන්ද පෙරවරු 11.00 සිට පස්වරු 3.00 අතර කාලයේ අව් රශ්මියට නිරාවරණය නොවී ආරක්ෂිත ක්‍රම අනුගමනය කළ යුතු බවයි.

ඉතිහාසයේ දෙවන වතාවට ඇමරිකාව සලිත කරමින් හදිසි රුධිර හිඟයක් ප්‍රකාශයට පත් කරයි

ඉතිහාසයේ දෙවන වතාවට ඇමරිකාව සලිත කරමින් හදිසි රුධිර හිඟයක් ප්‍රකාශයට පත් කරයි

එහිදී විශේෂයෙන්ම බෝ නොවන රෝග ඇති වකුගඩු රෝගීන්, හදවත් රෝගීන්, ආඝාත රෝගීන් සහ දියවැඩියා රෝගීන් තම ඖෂධ මාත්‍රා නිසි පරිදි ලබාගෙන සෞඛ්‍යාරක්ෂිතව සිටීම අතිශය වැදගත් බවද ඇය අවධාරණය කර ඇත.

ඊට අමතරව තාප ආඝාත තත්ත්වයට ලක්වීමෙන් මරණ පවා සිදුවිය හැකි බැවින් සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ලබාදෙන උපදෙස්වලට අනුව කටයුතු කරන ලෙසද ප්‍රජා විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර වැඩිදුරටත් ඉල්ලා ඇත.  

දෙවිනුවර පෙරහැරට තවත් කොඩිවිනයක් - උණුසුම් තත්ත්වයක් සමඟ පෙරහැරේ අලි කුලප්පු කරලා මහා විනාසයකට සැලසුමක් හදලා

දෙවිනුවර පෙරහැරට තවත් කොඩිවිනයක් - උණුසුම් තත්ත්වයක් සමඟ පෙරහැරේ අලි කුලප්පු කරලා මහා විනාසයකට සැලසුමක් හදලා

තවත් වෛරසයකින් මුළු ලෝකෙම වෙලා ගනියි - අසාතිදයන් 3,360 දක්වා ඉහළ යද්දී මරණ 1,487ක්

තවත් වෛරසයකින් මුළු ලෝකෙම වෙලා ගනියි - අසාතිදයන් 3,360 දක්වා ඉහළ යද්දී මරණ 1,487ක්