මොඩියුලයේ ආන්දෝලනය මැද පාසල්වල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ආරංචියක් - ජනවාරි 22 වැනිදා සිට

Report

රට තුළ මේ වන විට හය ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයකට අදාළව ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වුව ද සැලසුම් කර ඇති පරිදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ජනවාරි 22 වැනිදා සිට ආරම්භ කිරීමට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම ගැටලු සහගත වෙබ් අඩවියක් ඇතුළත් කර ඇති මොඩියුලයේ අදාළ පිටුව ඉවත් කර පාසල්වලට බෙදා හැරීම කෙරෙහි ද අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇති බව ද සඳහන්.

කෙසේ වෙතත් නව ප්‍රතිසංස්කරණ යටතේ හර විෂයයන්වලට අමතරව වැඩිදුර අධ්‍යාපනය වෙනුවෙන් විෂයයන් දාහතරක් කලින් නම් කර තිබුණ ද පසුව එම සංඛ්‍යාව හය දක්වා අඩු කර ඇත. එසේ අඩු කර ඇති විෂයයන් අතර ඉංග්‍රීසි විෂයය ද වේ.

ඒ වගකීම මම හිතන්නේ මම ගන්න ඕනේ - හය වසරේ මොඩියුලයේ ඇතුළත් අසභ්‍ය වෙබ් අඩවියේ වගකීම නිලධාරිනියක් භාර ගනී

ඒ වගකීම මම හිතන්නේ මම ගන්න ඕනේ - හය වසරේ මොඩියුලයේ ඇතුළත් අසභ්‍ය වෙබ් අඩවියේ වගකීම නිලධාරිනියක් භාර ගනී

එබැවින් මතභේදයට තුඩු දී ඇති ඉංග්‍රීසි විෂයයේ ප්‍රධාන මොඩියුලය බෙදා හැරීම නතර කළහොත් හය ශ්‍රේණියේ සිසුන්ට එම විෂයය ඉගෙන ගැනීමේ අවස්ථාව අහිමි වන බව ජාතික අධ්‍යාපන ආයතනයේ උසස් නිලධාරියෙක් සඳහන් කර ඇත.

තවද මෙම තත්ත්වය හේතුවෙන් මතභේදයට තුඩු දී තිබෙන මොඩියුලය බෙදා නොහැර සිටීමට අමාත්‍යාංශයට නොහැකි බව ද අඳාළ නිලධාරියා පැවසූ බව සඳහන්.

මේ අතර අදාළ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ජනවාරි 22 වැනිදා සිට ආරම්භ කිරීමේ වැඩපිළිවෙළේ වෙනසක් නොමැති බවට මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

මේ පාසල්වල ගුරුවරුන්ට ආයේ බය වෙන්න දෙයක් නෑ - සුබ පණිවුඩයක්

මේ පාසල්වල ගුරුවරුන්ට ආයේ බය වෙන්න දෙයක් නෑ - සුබ පණිවුඩයක්

පාසල් ළමයින්ගේ විෂය නිර්දේශයට සමලිංගික වෙබ් අඩවියක් දැම්මට අධ්‍යාපන ලේකම් CID යයි

පාසල් ළමයින්ගේ විෂය නිර්දේශයට සමලිංගික වෙබ් අඩවියක් දැම්මට අධ්‍යාපන ලේකම් CID යයි