ඒ වගකීම මම හිතන්නේ මම ගන්න ඕනේ - හය වසරේ මොඩියුලයේ ඇතුළත් අසභ්‍ය වෙබ් අඩවියේ වගකීම නිලධාරිනියක් භාර ගනී
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩුලයකට අසභ්‍ය වෙබ් අඩවියක සබැදියක් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් නිලධාරිනියක වගකීම භාර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව BBC වෙත අදහස් පළ කරමින් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විදානපතිරන මහත්මිය සඳහන් කර ඇත්තේ වෙබ් අඩවියේ නම ඇතුළත් කිරීමේදී එය පරීක්ෂා නොකිරීමේ වගකීම තමන් භාරගත යුතු බවටයි.
එසේම ඇය එම අදහස් සමඟින් මෙසේද පවසා ඇත.
"නම දානකොට අපිට කියන්න පුළුවන් NIE එක හැටියට ඒ නම ඒ ඇක්ටිවිටි එකේ පාවිච්චි කරන එක ගැන හොයලා බලන්න තිබුණා කියන ඒ වගකීම මම හිතන්නේ මම ගන්න ඕනේ." යනුවෙන්.
6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලයක යම් නුසුදුසු වෙබ් අඩවියක නාමය ලෙස දැක්වෙන හැඳින්වීමක් කර ඇති බවට ලද පැමිණිල්ලක් මත ජාතික අධ්‍යාපන ආයතනය මඟින් පිළියෙළ කළ 6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලය බෙදාහැරීම අත්හිටවනු ඇති අතර ඒ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන ලෙස පරීක්ෂණයක් ද ආරම්භ කර ඇත.