දූපත් කලාපයේ ප්‍රභල භූකම්පනයක්..සුනාමි අනතුරු අඟවයි??..

Weather Earthquake World Greziya
By Aruna Sep 27, 2021 07:37 AM GMT
Aruna

Aruna

Report

ග්‍රීසියේ ක්‍රීට් නම් දූපත් කලාපයේ භූ කම්පනයක් සිදුව ඇති බව වාර්තා වනවා.

මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ 6.5ක් ලෙස සටහන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කිලෝ මීටර් දෙකක් පමණ භූ අභ්‍යන්තරයේ එම කම්පනය සිදුවී ඇති බවද සඳහන් විය.

භූ කම්පනයෙන් සිදු වූ ජීවිත හෝ දේපළ හානි පිළිබඳ මෙතෙක් නිශ්චිත තොරතුරක් වාර්තා වන්නේ නැහැ.

කෙසේ වෙතත් මෙම භූකම්පනය හේතුවෙන් සුනාමි තත්ත්වයක් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළුවිය හැකි බැවින් නැවත දැනුම් දෙනතුරු ධීවර හා නාවික කටයුතුවල යෙදීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එම දෙපාර්තමේන්තුව අද දහවල් 12ට නිකුත් කරන ලද නවතම නිවේදනයේ දැක්වුණේ උතුරු බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින ගුලාබ් සුළි කුණාටුව ගැඹුරු පීඩන අවපාතයක් දක්වා දුර්වල වී උතුරු ආන්ද්‍රා ප්‍රදේශයේ ස්ථානගත ව පවතින බවයි.

මේ හේතුවෙන් මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 60 - 70 දක්වා ඉහළ යා හැකියි.

එමෙන්ම පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළාසන්න ප්‍රදේශවල මුහුදු රළ මීටර 2ත් 2.5ත් අතර ඉහළ යාමේ හැකියාවක් ද පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now