රන් ආලේපිත ගිනි අවියට අද දුමින්දට අධිකරණයෙන් ලැබුණු නියෝගය මෙන්න

Report

වැල්ලවත්ත හැව්ලොක් නිවාස සංකීරණයේදී T-56 ගිනි අවියක් පොලිස් භාරයට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට එරෙහිව පවරා ඇති නඩුව අද (10) ගල්කිස්ස අංක එක මහේස්ත්‍රාත් අධිකරණයේදී වැඩබලන මහේස්ත්‍රාත් රවී මතුගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

මෙහිදී ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ (TID) නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ, මීට පෙර ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන් සිව්වන සැකකරු ලෙස නම් කර සිටි දුමින්ද දිසානායක මහතාව අධිකරණය විසින් නිදහස් කර තිබූ බවයි.

විශේෂ නිවේදනයක් - සති දෙකකට සියලුම පාසල් හා විශ්වවිද්‍යාල වසා දමන්න තත්ත්වය පාලනයෙන් තොරයි

විශේෂ නිවේදනයක් - සති දෙකකට සියලුම පාසල් හා විශ්වවිද්‍යාල වසා දමන්න තත්ත්වය පාලනයෙන් තොරයි

කෙසේ වෙතත්, නීතිපතිවරයාගේ උපදෙස් මත පළමු සැකකාරියගෙන් ලබාගත් වැඩිදුර ප්‍රකාශ සලකා බැලීමේදී, දෙවන සැකකාරිය සන්තකයේ ගිනි අවිය තබා ගැනීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් දුමින්ද දිසානායක මහතාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වී ඇති බව ඔවුහු පැවසූහ.

ඒ අනුව, අධිකරණය විසින් දුමින්ද දිසානායක මහතාව නැවතත් මෙම නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කර ඇති අතර, විමර්ශන අවසන් බැවින් ඔහුට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා ගොනු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

මේ අතර නීතිපති උපදෙස් පරිදි පළමු සැකකාරිය නඩුවෙන් නිදහස් කිරීමටද පියවර ගෙන ඇත.

දුමින්ද දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කියා සිටියේ, ගිනි අවිය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් තම සේවාදායකයාට එරෙහිව කිසිදු සාක්ෂියක් නොමැති වීම නිසා පසුගිය වසරේ ජූලි 29 වැනිදා මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ඔහුව නිදහස් කළ බවයි.

අතුරුදන් වූ K2 ගුවන් යානයේ සුන්බුන් සාගර පත්ලේ - යානයේ ගමන් ගත් අය සොයා අඛණ්ඩ මෙහෙයුම්

අතුරුදන් වූ K2 ගුවන් යානයේ සුන්බුන් සාගර පත්ලේ - යානයේ ගමන් ගත් අය සොයා අඛණ්ඩ මෙහෙයුම්

එබැවින් මෙම නව චෝදනා සම්බන්ධයෙන් මහාධිකරණයේදී අභියෝග කරන බවද ඒ මහතා සඳහන් කළේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත්වරයා සැකකාර දුමින්ද දිසානායක මහතාව රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළේය. නීතිපති උපදෙස් වාර්තා කිරීම සඳහා නඩුව ලබන දෙසැම්බර් මස 11 වනදා යළි කැඳවීමට නියමිතය.