දුමින්ද දිසානායකට ඇප
රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාව දැඩි කොන්දේසි මත ඇප මත මුදාහැරීමට නියෝග කර ඇති බව වාර්තා වේ.
ඉකුත් මැයි මස 23 වන දා හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය පිළිබඳව කළ විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාව මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණා.
ඒ අනුව ඔහුව අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කර ඇත.
එහිදී කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා රු 250,000ක මුදල් ඇප සහ රු ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුව මුදාහැරීමට නියෝග කර ඇති බව සඳහන්.
