දුමින්ද දිසානායක ප්‍රකාශයක් ලබා දීම ප්‍රතික්ෂේප කරයි
හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක සිටියදී පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් හිටපු අමාත්‍යවරයාව අත්අඩංගුවට ගෙන ඇත..
කෙසේ වෙතත් හිටපු අමාත්‍යවරයා ප්‍රකාශයක් ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ සදහා යම් කාලයක් ලබා දෙන ලෙස ද ඉල්ලා තිබේ. ඒ අනූව සවස 3,4න් පසුව හිටපු අමාත්‍යවරයා අදාල ප්‍රකාශය ලබා දී ඇති බව ද වාර්තා වේ.