අනුර කුමාර ජනාධිපති සහෝදරයා ඔලුවෙන් හිටගෙන දැඟලුවත්.. විපක්ෂය නොව අපිට ආණ්ඩුවක් ගන්න හැකියි..
ජනාධිපති අනුර කුමාර දිසානායක ළඟ අත්දැකීමක් තියෙන, පළපුරුද්දක් තියෙන මිනිස්සු නොමැති නිසා විපක්ෂය නොව ආණ්ඩුවම ගත හැකි බවට ශ්රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ අනුරාධපුර දිස්ත්රික් පාර්ලිමේන්තු අපේක්ෂක කණ්ඩායමේ නායක දුමින්ද දිසානායක පවසනවා.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (29) අනුරාධපුර කහටගස්දිගිලය ප්රදේශයේ පක්ෂ ක්රියාකාරීන් පිරිසක් අමතමින්ය.
එහිදී ඔහු කියා සිටියේ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට විපක්ෂයේ දේශපාලනය කරන්න හිතුවාද ඇල්පිටියේ ඡන්ද ප්රථිපලයත් එක්ක අපිට ආණ්ඩුවක් ගන්න හැකියාවක් තිබෙන බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද දිසානායක
"අනුර කුමාර ජනාධිපති සහෝදරයා, මේ පාර්ලිමේන්තුව ශුද්ධ කරන්න ඕන කියලා කියන්න තව හේතුවක් තියෙනවා, අනුර කුමාර ජනාධිපති සහෝදරයා ඔලුවෙන් හිටගෙන දැඟලුව ත්, එතුමාට පාර්ලිමේන්තුවේ ඉන්නේ 03 දෙනයි, එක්කෙනෙක් එළියේ, දෙන්නෙක් ඇමතිකම් කරනවා.
එයාගේ කැබිනට් එකේ 25 ක් ගැන එයා කියනවා, එයාගේ නියෝජ්යය ඇමතිවරු 25 ක් ගැන එයා කියනවා. එයා හිතන විදිහට එයා ආණ්ඩව හදුනවා නම් එයාට 50 ක් ඕන එක්කෙනෙක් එළියේ, දෙන්නෙක් ඇමතිකම් කරනවා.එයාගේ කැබිනට් එකේ 25 ක් ගැන එයා කියනවා, එයාගේ නියෝජ්යය ඇමතිවරු 25 ක් ගැන එයා කියනවා. එයා හිතන විදිහට එයා ආණ්ඩුව හදනවා නම් එයාට 50 ක් ඕන ඇමතිවරු 25 යි, නියෝජ්යය ඇමතිවරු 25 යි.අත්දැකීමක් තියෙන 50 ක් ජේ.වී.පී එකේ ඉන්නවාද? ඇමතිකම් කරලා, පළාත් සභාවේ ඉඳලා, ප්රාදේශීය සභාවේ හිටපු අය එකතු කළත් 50 ක් හොයා ගන්න පුලුවන්කමක් තියෙනවාද? එහෙම නම් අනුර කුමාර තමන් ගාව අත්දැකීමක් තියෙන, පළපුරුද්දක් තියෙන මිනිස්සු නැති නිසා තමයි එහෙම කියන්නේ .
තමන් ගාව එහෙම දේශපාලඥයෝ හිඟයක් තියෙන නිසා තමයි අනුර කුමාර පුන-පුනා මේ රටේ මිනිස්සුන්ට බල කරන්නේ, අන්න පරණ එවුන් ටික එළවපන්, එළවපන් කියන්නේ එයා ගාව නැති නිසයි.බැරි වෙලා හරි එයා ගාව හිටියා නම් ලොකු පිරිසක්, එයා ඔය කථාව කියන්නේ නෑ,නැතිකමට තමයි ඉන්න මිනිස්සුන්ට එයා පහර ගහන්නේ, එයා ගාව කණ්ඩායමක් නැති නිසා, පළපුරුද්ද අත්දැකීම තියෙන මිනිස්සු හොයා ගන්න බැරි නිසා, පළපුරුද්ද අත්දැකීම තියෙන සියලු දෙනාටම හොරු කියන ලේබල් එක ගහලා තියෙනවා අනුර කුමාර, හැබැයි මේක නෙමෙයි යතාර්ථය "යැයි දුමින්ද දිසානායක වැඩිදුරටත් කියා සිටියා.